විශාල වයිට් රෝස් මල් බොකි එකත් අත් වලට හිර කර ගත්ත ටේහ්‍යුන් තමන්ට හැකි ඉක්මනින් ආයෙත් වතාවක් රඟහල වෙත දුවගෙන යන්න පටන් ගත්තෙ ජන්කුක් ව යාලු කර ගන්න සිහින මවන ගමන්.
ජන්කුක් කොතරම් අහංකාර වගේම දරදඬු විදියට හැසිරුනත් තමන් ජන්කුක් ව දුකට පත් කලා කියන හැගීම ටේහ්‍යුන්ගෙ හිතට නිතරම පාහේ වද දුන්නා.
විනාඩි කිහිපයකින් රගහල වෙත 'ඉගිලුනු' ටේහ්‍යුන් වැසුනු දොර ලගට ගිහින් බර හුස්මක් ඉහලට ඇද්දා.
"මේ නපුරු ඇස් මාව මරන් කයිද? ඩෙවල් දාලා කයිද? බැදලා කයිද? චොප්සි හදයිද? නැත්තං වයිට් සෝස් දාලා අමුවෙන්ම කයිද?"
"මයි ගෝඩ් මට අමතක උනානෙ සැලඩ් දාලා කන්නත් ඉඩ තියනවා!"
" ටේහ්‍යුන් , ඒ බීස්ට් ට ඔච්චර බය වෙන්න දෙයක් නෑ. බීස්ට් කෙනෙක් උනත් වෙජිටේරියන් වෙන්නත් පුලුවන්. හරි ඕකේ. ඇතුලට යන් ටේහ්‍යුන්. ෆයිටින්"
තමන්ටම මුමුණා ගත් ටේහ්‍යුන් දොර හිමිහිට විවෘත කරලා ඇතුලට හිස දැම්මා.
ඇතුලට හිස දැම්මාත් එක්ක ඇසුන නිහඬ රගහල දෝංකාර නංවන වේගවත් පියානෝ වාදනයක මිහිරි ස්වරය ටේහ්‍යුන්ගෙ ඇගෙ හිරිගඩු පිපෙන්න සමත් උනා.
"හොල්මන්ද?"
ගැහෙන හදින් තමන්ටම මුමුණා ගත්ත ටේහ්‍යුන් විශාල ශාලාවට ඇතුලු වෙලා රගහල වටා යැවුව ඔහුගෙ දෑස් පියානෝව ඉදිරිපිට වාඩි වෙලා පියානෝව වාදනය කරන ජන්කුක් අසල නතර උනා.
Oh the wisdom of the Father's heart
ඕ පියෙකුගේ හදේ ප්‍රඥාවOh the depths of your unfailing love
ඕ නොමැකෙන ආදරයේ ගැඹුරOh the comfort in my Savior's arms
මගේ ගැලවුම්කරු ගේ දෑත් අතර දැනෙන සැනසීමThat I would run to where you called me
(එම නිසා) මා ඔබ මට කතා කරන ඕනෑම තැනකට දුව එනවාAnd I know the future
මම අනාගතය දන්නවාIs still unseen
තාමවත් නොදැක්කThe depths of your wisdom
ප්‍රඥාවේ ගැඹුරNo mind conceived
පිලිසිඳ නොගත් මනස
ESTÁS LEYENDO
Rain Shadow | TK ✓
Fanficයට ගිය අතීතයක , සැඟවුනු අභිරහසක නිමා නොවූ අවසානය... Taekook Top kook | Bottom Tae Started date - 24 May 2022 Finished - 28 Aug 2022