12 කොටස

850 238 104
                                    

"අ.. අයි සී යූ එක කොහෙද?"

සෙන්ට් තෝමස් හොස්පිටල් එකට හැකි ඉක්මනින් පදවපු ජන්කුක් හා ටේහ්‍යුන් එහි පිවිසි වහාම රෝහල ඇතුලට පිස්සුවෙන් වගේ දුවගෙන ගියපු ටේහ්‍යුන් ලොබි එකෙ ඉඳගෙන කෑ ගහනකොට පිටුපසින් ආව ජන්කුක් ටේහ්‍යුන්ව තද කරලා අල්ලා ගත්තා.




"කලබල වෙන්න එපා ටේහ්‍යුන්. ප්ලීස් රිලැක්ස් වෙන්න. ටේහ්‍යුන්ගෙ මමාට කිසිම දෙයක් වෙන්නෙ නෑ. ප්‍රොමිස්. කෝ දැන් එන්න"

මුමුණපු ජන්කුක් ඔවුන් අසලම තිබුණු හොස්පිටල් එකෙ මැප් එකකට දෑස් යවලා ටේහ්‍යුන්ගෙ අත තදින් අල්ලා ගත්තා.




"ජන්කුක් මාව මගෙ මමා ගාවට ගෙනියන්නකො ජන්කුක්.. ප්ලීස් ප්ලීස් ජන්කුක්. මාව මමා ගාවට ගෙනියන්න"

මැප් එකකින් ICU එක හොයා ගන්න තරම් වත් සිහියෙන් නොසිටි ටේහ්‍යුන් පිස්සුවෙන් වගේ ජන්කුක් දිහා බලාගෙන බැගෑපත් ව මුමුණනකොට ජන්කුක් ඉක්මනින් ටේහ්‍යුන්ව ඇදගෙන ලිෆ්ට් එකකට නැග්ගෙ ඔහුට සංසුන් වෙන්න කියලා මුමුණන ගමන්

_____

"මමා....."

"ටේහ්‍යුන් කලබල වෙන්න එපා. මට විශ්වාසයි මමා හොඳින් ඇති"

ලිෆ්ට් එකෙන් බැස්ස ගමන් කොරිඩෝව දිගෙ දුවගෙන යන්න උත්සාහ කරපු ටේහ්‍යුන්ව තදින් අල්ලා ගන්න ගමන් ජන්කුක් කොඳිරනකොට ටේහ්‍යුන් ජන්කුක් දිහා බැලුවා.





"ජ... ජන්කුක් ට වි... විශ්වාසයිද?"

"ඔව් ටේහ්‍යුන්. ශක්තිමත් වෙන්න"

ජන්කුක් මුමුණනකොට ටේහ්‍යුන් ජන්කුක්ගෙ ශර්ට් එක ඇගිලි අතරට ගුලි කරගෙන අසරණ විදියට ඔහු දිහා බැලුවා.


"ප්‍රොමිස්? ප්‍රොමිස් වෙනවාද? මගෙ මමාට මොකුත් වෙන්නෙ නෑ කියලා.."

ටේහ්‍යුන් ඔහුගෙ වෙව්ලන දෙතොල් අතරින් වචන ගලපනකොට වේගයෙන් හිස සලපු ජන්කුක් ටේහ්‍යුන්ගෙ අතින් මෘදුව අල්ලගෙන ඔහු මැප් එකෙ දැක්ක ICU එක තිබ්බ දිශාව ට ඇවිදගෙන ගියේ  ටේහ්‍යුන් අඬන ගමන් ජන්කුක් ගෙ පස්සෙන් වැටෙනකොට.














Rain Shadow | TK ✓Where stories live. Discover now