08 කොටස

975 254 41
                                    

"ජන්කුක්... හිමීට... හිමීට යන්... ආආආආආආආආආආ... මේවා බරයි. හහ්. නපුරු ඇස්. නපුරා..."

"හහ්. එයා දේහ ධාරියා වගේ හිටියට මම කෙට්ටුයි. හුළං පොම්පෙන් හුලං ගහලා වගේ අත පය. නපුරු ඇස්."

"ජන්කුක් හිමීට යන්කෝ!!"

දෙතොල් නොපිට පෙරලා ගන්න ගමන් මුමුණපු ටේහ්‍යුන් අපහසුවෙන් අත් දෙකෙන්ම ඔහුගෙ අතෙ උන බෑගය උසවා ගෙන ජන්කුක් දිහා බැලුවා.




"හහ්! ඇහෙන්නෙ නැහැ වගේ යන හැටි. තියන නපුරුකම! දෙවියෝ මෙයාව මවනකොට නපුරු කම වැඩිපුර හැලිලාද මන්දා හහ්!!"

"නපුරු කමට සම්මානයක් දුන්නා නම් මුලින්ම හම්බවෙන්න ඕනෙ මෙයාට! හහ්"

ටේහ්‍යුන් තනියම කියවන ගමන් වේගයෙන් ඉදිරියෙන් ගමන් කරන ජන්කුක් ගෙ පසුපස යනකොට ජන්කුක් එක සැරේම නැවතුනෙ ටේහ්‍යුන් ඇවිත් ජන්කුක් ගෙ පිටේ හැප්පෙනකොට.

"ආආආහ්. මගෙ චූටි නහය.."

මූණ බෙරි කර ගත්ත ටේහ්‍යුන් දෙතොල් නොපිට පෙරලගෙන රිදුම් දෙන නහය අත ගාගන්නකොට ඔහු ගෙ පැත්තට හැරිනු ජන්කුක් ඔහු දිහා බැලුවා.


"ටේහ්‍යුන් මොකද  ඔච්චර තනියම කියවන්නෙ?"

"මොකුත් නෑ.. ජන්කුක් ට ඇහුන හැටි වෙන්න ඇති"

ජන්කුක් එක් ඇහිබැමක් උස්සන ගමන් අහනකොට දෙතොල් නොපිට පෙරලා ගත්ත ටේහ්‍යුන් හිමීට මුමුණන ගමන් වේගයෙන් ඇසි පිය හෙළන ගමන් ජන්කුක් ට රවනකොට , ජන්කුක් හිනා වෙලා ටේහ්‍යුන් දිහා බැලුවා. මොහොතක් ටේහ්‍යුන් දිහා බලාගෙන හිටපු ජන්කුක් ගෙ ඇස් නොදැනීම එහාපැත්තෙ තිබුණු කාර්නිවල් එකට යොමු උනා.

" ටේහ්‍යුන් දන්නවාද ඉස්සර මම මගෙ ඩැඩ් එක්ක කතුරු ඔන්චිල්ලා පදින්න යනවා."

ජන්කුක් කාර්විනල් එකෙ අයිනෙම කැරකෙන  දැල් ගහපු වැටෙන් එහා පැත්තෙ පේන කතුරු ඔන්චිල්ලාව දිහා බලාගෙන මුමුණන කොට ටේහ්‍යුන් කිසිවක් නොකියා ඔහු දිහා බලාගෙන හිටියා.

"කතුරු ඔන්චිල්ලා?"

ටේහ්‍යුන් ජන්කුක් කතුරු ඔන්චිල්ලාවක යන හැටි මවා ගන්න උත්සාහ කරන ගමන් අහනකොට ජන්කුක් සිනාමුසුව කතුරු ඔන්චිල්ලාව දිහා බලනකොට ඒ ඇස් වල කියා ගන්න බැරි තරමේ හැගීම් ගොන්නක් පිරෙන අයුරුත් ඒ ඇස් අනන්තය දක්වාම විහිදෙන අයුරුත් ටේහ්‍යුන් බලාගෙන හිටියා.

Rain Shadow | TK ✓Where stories live. Discover now