කමෙන්ට් ගෝල් - 50
"කුකී... යන්නම ඕනෙද?"
ජන්කුක් ගෙ අතෙ එල්ලිලා හිටපු රෝස පාට හිම බෝලෙ මූණ බෙරි කර ගන්නකොට ජන්කුක් එයාගෙ නලල උඩ තොල් දෙක තියලා තද කරගෙන ටිකක් වෙලා හිටියා.
"මම ආයෙ එනවා... ටේහ්‍යුන්"
"පින්කි ප්‍රොමිස්?"
ජන්කුක් ස්ථීර හඩින් කියනකොට ටේහ්‍යුන් සුලගිල්ල ජන්කුක් ට දිග් කරලා හුරතල් විදියට තොල් දෙක අනිත් පැත්තට හරවා ගන්නකොට ජන්කුක් ටේහ්‍යුන්ගෙ සුලගිල්ලට එයාගෙ සුලගිල්ල පැටලුවා.
"ප්‍රොමිස්..."
"නොවූඌඌඌඌඌඌ... හරියට කියන්න. පින්කි ප්‍රොමිස් කියන්න"
ජන්කුක් ආයෙත් අත ගන්න හදනකොට ටේහ්‍යුන් තොල් දෙක උල් කරගෙන පැමිණිලි කලා.
"ඔහ්. ඕකෙ ඕකෙ... පින්කි ප්‍රොමිස්. මම එන්නෙ තනියම නෙවෙයි. ගුක් එක්කමයි"
ටේහ්‍යුන්ගෙ කොන්ඩෙ ඇවිස්සුව ජන්කුක් ටේහ්‍යුන්ව පපුවට තද කර ගනිද්දි ටේහ්‍යුන් ජන්කුක් ගෙ බඳ වටේට අත් දෙක දාලා ජන්කුක් වටේ එතුනා. ටික වෙලාවකින් ජන්කුක් ගෙ ඇග වටේට ටේහ්‍යුන් කකුල් දෙකත් දානකොට ජන්කුක් ටේහ්‍යුන්ගෙ කලවා වලින් අල්ලගෙන එයාව කෝලා කෙනෙක් වගෙ බදාගෙන ඉන්න ටේහ්‍යුන්ව උස්සගෙන හිටියා
"මම ගිහින් එන්නම් marigold"
ටේහ්‍යුන් ගෙ චූටි නහය කිස් කරපු ජන්කුක් ටේහ්‍යුන් දිහා බලලා යන්තම් හිනා වෙන්න උත්සාහ කරනකොට ටේහ්‍යුන් ජන්කුක් ගෙ නහය හව් ගාලා හපලා හිනා උනා.
"එනකොට ආදරෙන් හිනා වෙන්නත් පුරුදු වෙලා එනවා.... ඒ වගේම රොමෑන්ටික් වෙන්නත්"
ජන්කුක් දිහා බලලා ටේහ්‍යුන් බොරුවට ඔරවනකොට ටේහ්‍යුන්ව බිමින් තිබ්බ ජන්කුක් ටේහ්‍යුන්ගෙ චබී චීක්ස් මිරුක්වා.
"රිදුනානේ..."
ජන්කුක් චීක්ස් අත ඇරිය ගමන් ටේහ්‍යුන් බුම්මගෙන පැමිණිලි කලා.
![](https://img.wattpad.com/cover/311509463-288-k908059.jpg)
YOU ARE READING
Rain Shadow | TK ✓
Fanfictionයට ගිය අතීතයක , සැඟවුනු අභිරහසක නිමා නොවූ අවසානය... Taekook Top kook | Bottom Tae Started date - 24 May 2022 Finished - 28 Aug 2022