35 කොටස

709 193 138
                                    

කමෙන්ට් ගෝල් - 50

"සීතලයි......"

තමන්ටම මුමුණා ගත්ත ටේහ්‍යුන් බෙඩ් ෂිට් එක අස්සෙ තවත් ගුලි උනා.

වේට්!  වට්?

බෙඩ් ෂීට් එක අස්සෙ?

ටේහ්‍යුන් උඩ ගිහින් ඇහැරුනා.

කලින් දවසෙ රෑ ජන්කුක් එක්ක කීයටවත් එක ඇඳ උඩ නිදා ගන්නෙ නෑ කියල වාද කරපු ටේහ්‍යුන් සෝෆා එකෙ නිදා ගත්තත් නැගිට්ටෙ බෙඩ් එක උඩ.


"මම කොහොමද මේක උඩට ආවේ?"

තමන්ටම මුමුණා ගත්ත ටේහ්‍යුන් ඇඳෙන් බිමට පැනලා වට පිට බැලුවත් ජන්කුක් පේන්න නම් හිටියෙ නැහැ.



"මම කිව්වා කලින්ම , ඔයා වගේ චීටර් කෙනෙක් එක්ක මට එකට ඉන්න ඕනෙ නෑ කියලා යූ ඩික් හෙඩ්!!"

ටේහ්‍යුන් රූම් එක දෙවනත් වෙන්න කෑ ගැහුවෙ ජන්කුක් කොහෙ හරි මුල්ලක ඉඳලා මතු වෙයි කියන බලාපොරොත්තුවෙන් උනත් ජන්කුක් නම් පේන්න හිටියෙ නැහැ.





"කොහෙ ගිහින් ද? එයා ඊයෙ අච්චර කලබලෙන් හිටියෙ කරදරයක් වත් ද?"

ටේහ්‍යුන් කල්පනාවට වැටුනා.

"වේට් අ මිනිට් ටේහ්‍යුන්. මොකටද ඔයා එයා ගැන හිතන්නෙ. සරලව කිව්වොත් මට වැඩක් නැහැ කොහෙත්ම එයා ගැන. එයා ඔයාට මාසයක් තිස්සෙ චීට් කලා ටේහ්‍යුන්"

ආයෙත් සැරයක් පරණ මතක අවධි වෙලා  - ජන්කුක් එක්ක candy floss කාපු හැටි , ජන්කුක් ගෙ කරේ එල්ලිලා ගියපු හැටි , ජන්කුක් ගෙ හිනා ව බලන්න පිස්සු වැඩ කරපු හැටි මතක් වෙලා ඒ ලොකු අලු පාට ඇස් කඳුලින් පෙගෙනකොට ඉක්මනට කඳුලු කැට පිහ දා ගත්ත ටේහ්‍යුන් රූම් එකෙ දොර ඇරගෙන එළියට ආවෙ රැක් එක උඩ එල්ලලා තිබ්බ ඇඳුමත් අරගෙන.

"එයාට මාව වදයක් වෙන්න ඇති"

ටේහ්‍යුන් හිත හදා ගන්න මිමිණුවත් උනෙ ඒ හිත තව පෑරුණු එක විතරයි.

___

රඟහලෙ මේන් ඩොර් එක ඇරපු ටේහ්‍යුන් කඳුලු පිහදාන ගමන් එලියට බැස්සාම එලියෙ ගේට්ටුව ගාව එච්චර මිනිස්සු පිරිලා හිටියෙ මොකද කියලා ටේහ්‍යුන් බැලුවා.


Rain Shadow | TK ✓Where stories live. Discover now