23 කොටස

826 214 111
                                    

කමෙන්ට් ගෝල් - 50

"ටේහ්‍යුන්.."

"ඒයි.."

"ටේහ්‍යුන් ආ යූ ඕකේ ලව්?"

නත්තලට පෙර දින නත්තල සඳහා පැවැත්තුව විශේෂිත ඉදිරිපත් කිරීමේ රඟ දක්වා අවසන් කරපු ටේහ්‍යුන් , රඟහල ට ආව මිනිස්සුන් පිටව ගියාට පස්සෙ තනියම වේගයෙන් ගොඩ ගැහෙන හිම දිහා බලාගෙන කල්පනාවට වැටුනෙ ගතට වගේම හිතටත් මහන්සියක් දැනෙනකොට. වේගයෙන් වැටෙන හිම පැත්තට ගහන හුළගට ටේහ්‍යුන්ගෙ මූණට වැදුනෙ පුංචි ඉඳිකටු තුඩවල් වගෙ.



"ටේහ්‍යුන් මම කතා කරනවා ඇහෙන්නෙ නැද්ද?"

කතා කරලා කතා කරලා බැරිම තැන ජන්කුක් තදින් කියනකොට එක් වරම ගැස්සුන ටේහ්‍යුන් ජන්කුක් දිහා බැලුවා.





"ඔහ්.. අයිම් රියලි සොරි කුකී. මම සිහියෙන් නෙවෙයි හිටියෙ"

සුසුමක් හෙලන ගමන් මුමුණපු ටේහ්‍යුන් ජන්කුක් එක්ක හිනා උනා.



"මෙතනට එන්න. සීතල නැද්ද?"

ටේහ්‍යුන් යන්තම් වෙව්ලනවා දැක්ක ජන්කුක් ඇතුළෙ ඉඳන් ලගට කතා කලත් ටේහ්‍යුන් සයිඩ් ඩෝ එක ලග ඉඳගෙන ආයෙත් හැරිලා පිටත බලාගෙන හිටපු නිසා මොහොතක් කල්පනා කල ජන්කුක් ටේහ්‍යුන් අසලට ඇවිදගෙන ගියා.





"මොනවද ඔච්චර කල්පනා කරන්න තියෙන්නෙ marigold flower?"

ජන්කුක් ටේහ්‍යුන්ගෙ මූණට වැටුනු හිස කෙස් එහාට කරලා ටේහ්‍යුන්ගෙ මූණට එබෙනකොට ටේහ්‍යුන් හිනා වෙලා ජන්කුක් දිහා බැලුවා.







"මගෙ මමා , ඔයාගෙ ඩැඩාගෙ හොඳම යාලුවා වෙලා ඉඳලා. ඒ දෙන්නගෙ හොඳම යාලුවා ඔයාගෙ ඩැඩාව මරලා දාලා. ඔයාගෙ මගෙ පේරන්ස්ට්ලා අපි ගාව නැති උනත් මර්ඩර් අපි අතරම ඇති. දෛවය හරිම ආත්මාර්ථකාමී ජන්කුක්"

ටේහ්‍යුන් මුමුණන කොට ටේහ්‍යුන් ගෙ ඇහෙන් කදුලක් බේරුනා.




"ඇයි ඔහොම කතා කරන්නෙ. ටේහ්‍යුන් ඔය විදියට කතා කරන කෙනෙක් නෙවෙයි."

ජන්කුක් ටේහ්‍යුන්ගෙ උරහිස්සෙන් අල්ල ගන්න ගමන් කියනකොට ටේහ්‍යුන් ජන්කුක් දිහා බැලුවා.






Rain Shadow | TK ✓Donde viven las historias. Descúbrelo ahora