නත්තල සඳහා සැලසුම් කල පරිදි නර්තන පුහුණු වීම් මහන්සියෙන් කල පිරිස තම තමන්ගෙ නිවෙස් බලා ඇවිදගෙන යනකොට තමන්ව ගනන් ගන්නෙ වත් නැතුව ඉස්සරහට ඇවිදගෙන ගියපු ජන්කුක් දිහා බලපු ටේහ්‍යුන් සුසුමක් හෙළුවා.
"ටේහ්‍යුන්ගා"
"හොසොක් හියුන්ගි?"
කතාවක් නැතුව පැත්තකට වෙලා හිටගෙන තමන්ගෙ කණ්ඩායම පිටව යන දිහා බලාගෙන ඉන්න ජන්කුක් දිහා පපුවට අත් බැඳගෙන කට ඇද කරගෙන බලාගෙන හිටපු ටේහ්‍යුන්ට හොසොක් බාධා කලා.
"එදා රෙඩ් රෝස් එකෙ අයිතිකාරයාව හම්බුනා ද?"
හොසොක් ජන්කුක් දිහා හොරෙන් බලලා ඇහැක් ගහන ගමන් අහනකොට ටේහ්‍යුන් උඩ ඉඳන් පහලටම රත් පැහැ ගැන්වුනා.
"අහ්.. නෑ ...ඔව් "
"මොකද නෑ ඔව් දෙකක්"
ටේහ්‍යුන් ගොත ගහනකොට හොසොක් හිනා වෙන ගමන් ඇහුවාම ටේහ්‍යුන් හයියෙන් හුස්ම උඩට ඇද්දා.
"ම්.. අපි ඒ ගැන පස්සෙ කතා කරමුද හියුන්."
ටේහ්‍යුන් මූණ රතු කරගෙන කියනකොට කිසිවක් නොකී හොසොක් හිස ඉහල පහලට වනලා හිනා උනා.
"ටේ දැන්ම එන්නෙ නැහැ කියලා මම දන්නවා. සෝ මම යන්නම්. ගුඩ් ලක් ටේහ්‍යුන්"
ටේහ්‍යුන් ජන්කුක් දිහා හොරෙන් බලන ගමන් දෙපැත්තට පැද්දි පැද්දි අපහසුවෙන් හිටගෙන ඉන්නවා දැක්ක හොසොක් එතනින් ඇවිදගෙන යනකොට කිසිවක් නොකී ටේහ්‍යුන් හිමීට ජන්කුක් ට කිට්ටු කලා
"ජන්කුක්.. ආආ නෑ කුකී.."
ජන්කුක් ට ලං වෙලා ජන්කුක් ගෙ අතකට ඇගිල්ලකින් ඇන්න ටේහ්‍යුන් විරිත්තනකොට ජන්කුක් ටේහ්‍යුන් දිහා හිස හරවලා බැලුවා.
"Yes my marigold?"
ජන්කුක් ටේහ්‍යුන් දිහා බලලා අහනකොට ටේහ්‍යුන්ට දැනුනෙ ඔහුගෙ කම්මුල් දෙක සෙල්සියස් අංශක සෘණ ගානක උෂ්ණත්වයක් තියන මේ මොහොතෙ , අවන් එකකට දැම්මා වගෙ රත් වෙනවා.
ඉක්මනට අත් දෙකෙන් කම්මුල් දෙක වේගයෙන් පිරි මැද්ද ටේහ්‍යුන් කිසිවක් නොකියා පපුවට අත් දෙක තද කරගෙන ජන්කුක් දිහා බලාගෙන හිටියෙ ඔහුගෙ හිතෙ ජන්කුක් ගැන තියන හැගීම් තාමත් තේරුම් ගන්න බැරුව.
YOU ARE READING
Rain Shadow | TK ✓
Fanfictionයට ගිය අතීතයක , සැඟවුනු අභිරහසක නිමා නොවූ අවසානය... Taekook Top kook | Bottom Tae Started date - 24 May 2022 Finished - 28 Aug 2022