07 කොටස

979 257 65
                                    

"ඒ කියන්න ටේහ්‍යුන් ජන්කුක් ගෙ රූම් එකෙ හොල්මනක් දැක්කා.."

පෙරදා රාත්‍රියෙ සිදු උන සිදුවීම ගැන හොසොක් විසි වෙනි වතාවටත් ටේහ්‍යුන්ගෙන් අහනකොට බර හුස්මක් උඩට ඇද්ද ටේහ්‍යුන් හිස වැනුවා.

"ඔව් හියුන්. අඳුරු චායාවක්"

"ටේහ්‍යුන් දැක්කෙ පූසෙක් වෙන්න බැයිද?"

ටේහ්‍යුන් කියනකොට හොසොක් ඇහුවේ , ටේහ්‍යුන් පුදුමයෙන් ඇස් කරකවලා හොසොක් දිහා බලනකොට.


"මොකක් ද ? පූසෙක්... පූසන්ට කතා කරන්න පුලුවන් උනෙ කවදා ඉදන්ද හියුන්."

ටේහ්‍යුන් තරහෙන් මුමුණන කොට පිලිතුරක් නොදුන්න හොසොක් ඉස්සරහ බලාගෙන ඉන්න ගමන් හොසොක් ඔවුන් වාඩි වෙලා හිටපු පඩියේ හරිබරි ගැහිලා වාඩි උනේ හිමිහිට ඇද වැටෙන හිම පියලි දෙස දෑස යොමු කරන ගමන්


"මේ නත්තල් කාලෙ මොන හොල්මන් ද ටේ.. ඔයා බොරුවට බය වෙලා"

හොසොක් හිනා වෙවී කියනකොට කිසිවක් නොකී ටේහ්‍යුන් හොසොක්ට පිච්චිලා යන බැල්මක් හෙලුවත් හොසොක් සිනා සෙමින් ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියා.



"මම ඕකට හේතුව දන්නවා ටේහ්‍යුන්"

හොසොක් හිනා වෙන ගමන් කියනකොට කිසිවක් නොකී ටේහ්‍යුන් වේගයෙන් ඇසි පිය හෙළන ගමන් හොසොක් දිහා බලාගෙන හිටියෙ කුතුහලයෙන්.

"ඒ මොකක් ද හියුන්..?"

"ඕකට කියන්නෙ ලව් ටෙලිපති"

"මොන ටෙලි පති කීවා..?"

ටේහ්‍යුන් ඉඳගෙන හිටපු පඩියෙන් නැගිටින ගමන් කෑගහනකොට හොසොක් ටේහ්‍යුන්ගෙ අතින් ඇදලා ආයෙමත් පඩිය උඩ වාඩි කර ගත්තෙ ටේහ්‍යුන් ඇස් ලොකු කර ගෙන බලාගෙන ඉන්නකොට.




"මොන ටෙලිපති?"

ටේහ්‍යුන් හොසොක්ගෙ මූණට මූණ ලං කරලා අහනකොට කිසිවක් නොකී හොසොක් සිනා වෙන ගමන් කබාය තුල ඔහුගෙ අත් දෙක රුවාගෙන ටේහ්‍යුන් ගෙ කුතුහලයෙන් පිරී ගිය හැසිරීම දෙස සිනා මුසුව බලාගෙන හිටියා.

"ලව් ටෙලිපති.."

"ඈ.. හියුන් කියන්නෙ අර නපුරු ඇස් වලට මම ආදරය කරනවා කියලාද ආ... යූ කිඩින් මී හියුන්? සීරියස්ලි?"

Rain Shadow | TK ✓Where stories live. Discover now