40 කොටස

838 193 96
                                    

කමෙන්ට් ගෝල් - 50

"ඕකෙ මිස්ටර් කිම්. එහෙනම් ඔයාට දැන් ගෙදර යන්න පුලුවන්"

ජන්කුක් හා ජන්ගුක්ගෙ මේන් ඩාන්සින් පාර්ට්නර් නිසා වගේම ඇන්ඩීනෝ විසින් කරපු ලිලීගෙ මරණය ගැන දැන ගන්න ටේහ්‍යුන්ව කට උත්තර දෙන්න පොලිස් ස්ටේෂන් එකට ගෙන්නුවා. ටේහ්‍යුන්ගෙ මම් මරලා දාලා තිබුනනෙ තිබුණෙ ඇන්ඩීනොගෙ අතින් නිසා ටේහ්‍යුන්ව පොඩ්ඩක් සැක උනාට එයාගෙ මානසික තත්වෙ ගැන හිතලා වැඩියෙ ප්‍රෙශර් කරන්නෙ නැතුව පොලිසියෙන්  පොඩි පොඩි කට උත්තර ටිකක් ගන්නකොට ටේහ්‍යුන් ගානට මොලෙ කල්පනා කරලා උත්තර දුන්නා.


"ඕකෙ ඔෆිසර්. මම එහෙනම් යන්නම්"

ප්‍රශ්න කරලා ඉවර කරලා යන්න අවසර දෙනකොට හිනාවක් දැම්ම ටේහ්‍යුන් නැගිටිනකොට ඔෆිසර් ඩේවිඩ් සහ එයාලගෙ උදව්වට ආව අනිත් ඔෆිසර් ටේහ්‍යුන්ට හෑන්ඩ් ෂේක් කරලා හිනා උනා.


"ටේහ්‍යුන්"

ටේහ්‍යුන් යන්න හැරෙනකොට ඔෆිසර් ඩේවිඩ් ටේහ්‍යුන්ගෙ පස්සෙන් ආවා

"යස් ඔෆිසර්?"

"ම්... මට ඩේවිඩ් කියන්නකො. අපි ටිකක් කතා කරමු ද? මම කියන්නෙ ඔෆීෂියල් දේවල් නෙවෙයි. තව පරීක්ෂනයට අවශ්‍යයි කියලා හිතෙන පොඩි පොඩි දේවල්...."

"ම්.. මම හිතුවෙ ප්‍රශ්න කරලා ඉවරයි කියලා"

ටේහ්‍යූන් ටිකක් කල්පනා කරලා ප්‍රශ්නාර්ථව අහනකොට ඔෆිසර් හිනා වෙලා හිස සැලුවා

"ඇත්තටම මම පොරොන්දු වෙනවා ඔයාව වැඩියෙ මහන්සි කරන්නෙ නෑ කියලා. පොඩි වෙලාවක් විතරයි. එහෙම උනොත් ඔයාගෙ යාලුවො දෙන්නාව නිදහස් කරන්න වගේම ඔයාගෙ යාලුවා ජිමින් ගෙ මරණයට සාධාරණ ඉෂ්ට කරන්නත් අපිට ලේසි වෙයි..."

ඔෆිසර් ටේහ්‍යුන් එක්ක හිනා වෙනකොට ටේහ්‍යුන් පුදුමෙන් බැලුවා.



"හහ්... මෙයා මගෙ කටින් සාක්ෂියක් හොයන්න ද යන්නෙ. හරියට ෆිල්ම් වල වගෙ..."

"අහුවෙයි මම... හහ්"

ටේහ්‍යුන් ගෙ ටේහ්‍යුන්ගෙ මොලෙත් එක්ක තර්ක කලා.

Rain Shadow | TK ✓Where stories live. Discover now