04 කොටස

1K 272 59
                                    

පසුදා විවාධාකාරයේ මිනිසුන්ගෙන් පිරෙන රඟහල දෙස වේදාකාවේ වැසුනු තිරය පසුපස හිඳගෙන ටේහ්‍යුන් බලාගෙන හිටියෙ ගැහෙන හදවතින්.

"ජන්කුක්.. වත් ලග හිටියා නම්.."

තමන්ට කවදාටමත් වඩා බයක් දැනෙනකොට තමන්ටම මුමුණා ගත්ත ටේහ්‍යුන් ගැඹුරු සුසුමක් පහලට හෙලලා තමන්ගෙ නර්ථන සහයකයන් දිහා බැලුවේ ඔවුන් ඔවුනොවුන්ගෙ ස්ථාන වල නිවැරදි ව ස්ථාන ගත වෙලාදැයි සැක හැර ගන්න.

"ජන්කුක් කොහෙද ඔයා...?"

"ඒයි.. තමුන්ට පිස්සුද.. ඒ යකා වගෙ කොයි වෙලෙත් තරහා අරගෙන ඔයාව කන්න බලන් ඉන්න මනුස්සයා හිටියා නම් කියලා හිතන්නෙ ටේහ්‍යුන්.. මොලෙ ගල් වෙලාද සීතලට.."

තමන්ටම මුමුණා ගත්ත ඔහු වේගවත් සුසුමක් පහතට හෙලුව රහසෙ තිරය අතරින් පිටතට ඇස් යොමු කරගෙන.


"ටේහ්‍යුන්.. ටේහ්‍යුන් හොඳින් නේද?"

එතැනට ඇවිදගෙන ආව ටේහ්‍යුන්ගෙ සහය නර්ථන ශිල්පියෙක් අහනකොට ටේහ්‍යුන් අපහසුවෙන් හිනා උනා.

"මම ටිකක් බය වෙලා හොසොක් හියුන්. ඒ ඇරෙන්න මම හොඳින්. මගෙ පලවෙනි වතාව මේක... මොනවාම හරි වරද්දා ගත්තොත් ජන්කුක් මගෙ ඔලුව කයි"

ටේහ්‍යුන් සියල්ලටම වඩා මෙම ස්ථානයෙ කෙටි කාලයක් තුල තමාට වඩාත්ම සමීප උන මිතුරා උන හොසොක් දිහා බලාගෙන මුමුණන කොට ඔහුට සිනහවක් පෑව හොසොක් හුස්මක් ගත්තා.


"ජන්කුක් සර් ටේහ්‍යුන් කියන තරම් නරක කෙනෙක් නෙවෙයි.."

"නරක කෙනෙක් නෙවෙයි? හොසොක් දන්නවාද ජන්කුක් මට කීපාරක් push up කරන්න දුන්නා ද පනිෂ්මන්ට් විදියට. මේ බලන්න. මම ආවට වඩා ගොඩක් කෙට්ටු වෙලා දැන්...තව ටික දවසක් ගියොත් මගෙ ඇට සැකිල්ල විතරක් ඉතිරි වෙයි"

ටේහ්‍යුන් තොල් දෙක නොපිට පෙරලන ගමන් පොලොවෙ අඩි හප්පගෙන කෑ ගහනකොට හිනා වෙන ගමන් තමන්ගෙ දෙතොල් මත දබර ඇගිල්ල තියලා ටේහ්‍යුන්ට නිශ්ශබ්ද වෙන්න සංඥා කරපු හොසොක් ටේහ්‍යුන්ගෙ අතින් ඇදගෙන ඔහුට නියමිත ස්ථානයට යනකොට ටේහ්‍යුන් ඔහුගෙ පසු පසින් ඇදිලා ආවා.



Rain Shadow | TK ✓Onde histórias criam vida. Descubra agora