28 කොටස

760 192 176
                                    


කමෙන්ට් ගෝල් - 50

"කුකීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ"

ජන්කුක් ට අනින ගමන් ටේහ්‍යුන් හයියෙන් කෑ ගහනකොට ජන්කුක් ලොකු අපහසුතාවකින් වට පිට බලන්න උනේ පල්ලියෙ ගීතිකා අහන්න ආව සේරම වගේ ජන්කුක්යි ටේහ්‍යුනුයි දිහා පිටසක්වල ජීවීන් දෙනෙක් දිහා බලනවා වගේ අමුතු විදියට බලනකොට.

"ෂ්... කෑ ගහන්න එපා ටේහ්‍යුන්"

ජන්කුක් ටේහ්‍යුන්ගෙ ඔලුව අත ගාලා ආදරෙන් කිව්වම ටේහ්‍යුන් ජන්කුක් ගෙ ඔඩෙක්කුව උඩින් ඔලුව තියා ගත්තා.

"ඉක්මනට පටන් ගන්න කියන්නකූඌඌඌ"

තොල් උල් කර කර හුරතල් වෙන ටේහ්‍යුන් දිහා බලපු ජන්කුක් ට මද සිනාවක් නැගුනා. පල්ලියෙ  ඔවුන් අවට හිටපු හැමෝම ඔව්න් දෙදෙනා දිහා බලලා හිනා වෙනවා දැක්කම ජන්කුක් ගෙ මූණ ආයෙත් බෙරි වෙලා යන්න ගියෙ ටික වෙලාවයි.

"ඉවසන් ඉන්න ටේහ්‍යුන් ටිකක්.  පටන් ගනියි"

ඉවසලා ඉවසලා බැරිම තැන ජන්කුක් ටිකක් තදින් කියලා තමන්ගෙ ඔඩෙක්කුව උඩ පෙරළෙන ටේහ්‍යුන් ව අල්ලා ගන්නකොට ටේහ්‍යුන් කිසිවක් නොකියා ජන්කුක් ගෙ ඉන වටේ දෑත් පටලවගෙන එහෙමම හිටියා.

"බනී බෝයීඊඊ"

"ටේහ්‍යුන් ශට් අප්"

ටේහ්‍යුන් තොල් උල් කරගෙන ජන්කුක් ගෙ පපුවට ඇගිල්ලෙන් අනිනකොට රතු උන ජන්කුක් තරහෙන් ටේහ්‍යුන්ට කිව්වා.

"හිනා වෙනවාකෝ මෝඩයෝ. කොයි වෙලාවේ බැලුවත් බුම්මගෙනමයි ඉන්නෙ"

ටිකක් කෙලින් උන ටේහ්‍යුන් ජන්කුක් ගෙ කට දෙපැත්තෙන් අල්ලලා ජන්කුක් ගෙ කට හිනා වෙන විදියට හදනකොට ඔවුන්ට වටේ හිටපු බහුතරයක් ඔවුන් දෙදෙනා දිහා බලන ගමන් හිනා උනා.

''ටේහ්‍යුන්. බිහේව් යුවර් සෙල්ෆ්. කෝ නැගිටින්න"

තරහෙන් කොඳුරපු ජන්කුක් ටේහ්‍යුව කෙලින් කරන්න උත්සාහ කලා.

"මාව එලවන්න එපාආආආආ"

ටේහ්‍යුන් තොල් උල් කර කර අඩන්න මූණ හදා ගන්නකොට සුසුමක් හෙලපු ජන්කුක් ආයෙත් ටේහ්‍යුන්ව ඇදලා අරගෙන පපුවට තුරුලු කර ගත්තම , ජන්කුක් ගෙ ෂර්ට් එකෙ බොත්තම් එක්ක සෙල්ලම් කරන ගමන් ටේහ්‍යුන් ජන්කුක් ට තුරුලු වෙලා ඔහේ හිටියා.

Rain Shadow | TK ✓Donde viven las historias. Descúbrelo ahora