33 කොටස

753 178 150
                                    

කමෙන්ට් ගෝල් - 50

"හායි ජිමින්...."

පහුවදා ඩාන්සින් ප්‍රැක්ටිස් වලට පස්සෙ ජන්කුක් දුන්න ලන්ච් බ්‍රේක් එක ගන්න ටේහ්‍යුන් ජිමින් ගෙ කඩේට ඇවිදගෙන ගියා. ජන්කුක් ඩාන්සින් ප්‍රැක්ටිස් අස්සෙ ටේහ්‍යුන් එක්ක හැසිරුනෙ ටේහ්‍යුන්ව අදුරන්නෙ නැති ගානට නිසා ජන්කුක් නම් ටේහ්‍යුන් එක්ක ආවෙ නෑ.


"හායි ටේ. ලන්ච් එකට මොනවාද?"

"ඔයා දන්නවා නේ ජිමින්. අර මනුස්සයා කියන්නෙ සැහැල්ලු ආහාර ගන්න කියලා නෙ. ප්ලීස් මට චිකන් සැන්විජ් දෙකක් දෙන්න. මතක් කරලා බර මැනලා දෙන්න පුලුවන් ද?"

ටේහ්‍යුන් ඇස් බෝල කරලා අහනකොට එක සැරේටම ජිමින්ට හිනා ගියා.

"ඕකේ ඕකෙ. මම දෙන්නම්. ඉඳගන්නකො"

ටේහ්‍යුන් එක්ක හිනා උන ජිමින් විනාඩි පහක් යන්නත් කලින් ලොකුම ලොකු චිකන් සැන්විජස් දෙකක් උස්සගෙන ආවා.


"හම්මෝ ජිමින්. මේ වගෙ සයිස් එක. ජන්කුක් දැක්කොත් ජන්කුක් ට ෂුවර් හාට් ඇටෑක් එනවා"

"කවුද ජන්කුකී ට කියන්නෙ ඉතින්"

ටේහ්‍යුන් ඇස් බෝල කරගෙන කෑ ගහනකොට ජිමින් ටේහ්‍යුන් එක්ක හිනා වෙන ගමන් ලොකු සැන්විජස් දෙක මේසෙ උඩින් තිබ්බා.


"ඒක නෙවේ ටේ.... මට දෙයක් කියන්න තියෙනවා"

ටේහ්‍යුන් ලේයස් දහයක් විතර තියන සැන්විජ් එක කන්න කට අරිනකොට ජිමින් ටේහ්‍යුන් ගෙ ඉස්සරහින් වාඩි වෙනකොට ටේහ්‍යුන් අකමැත්තෙන් සැන්විඩ්ජ් එක පැත්තකට කරලා ජිමින් දිහා බැලුවා.

"මොකක්ද ජිමින්?"

"ටේ දන්නවාද? මම පපා කෙනෙක් වෙන්න යන්නෙ"

ජිමින් ලැජ්ජාවෙන් රතු උන මූණත් එක්ක බිම බලා ගන්න ගමන් කියනකොට සැන්විඩ්ජ් එක කටට ගත්ත ටේහ්‍යුන්ට ඉස්මොල්ලෙ ගියා.


"මම හිතන්නෙ... මේ දවස් වලට උදේට මට වොමිට් උනේ ඒකයි. අයිම් සෝ සෝ හැපී ටේහ්‍යුන්"

හිමීට තමන්ගෙ ටමී එක පිරිමදින ගමන් ජිමින් කියනකොට ටේහ්‍යුන්ටත් ඒ සතුට දැකලා සතුටක් දැනුනා. සතුටෙන් හිනා වෙන ගමන් ටේහ්‍යුන් ජිමින් ගෙ අත් දෙකම අල්ලගෙන හිනා වෙනකොට ජිමින්නුත් ටේහ්‍යුන් එක්ක හිනා උනා.


Rain Shadow | TK ✓Место, где живут истории. Откройте их для себя