21 කොටස

840 211 195
                                    

"ඔහ්. කුකී..!! ඔයා බෑඩ්. හරිම බෑඩ්. මට ඔයා එනකම් ඉන්න කියලා කියලා ඔයා මෙතන ජිමින් එක්ක තනියම හොට් ලෙමන් බොනවා."

හවස හතරට පාර ගාවට එන්න කියලා ගියපු ජන්කුක් හතර හමාර වෙනකනුත් නාව නිසා නිකමට ජිමින්ගෙ ෂොප් එකට ඔලුව දාලා බලපු ටේහ්‍යුන් , ජන්කුක් ජිමින් එක්ක වාඩි වෙලා හොට් ලෙමන් බොනව දැකලා පුපුරන්න ගත්තා.

"ඔහ් ටේහ්‍යුන්. අයිම් රියලි සොරි. මට අමතක උනානෙ"

තමන් ඉස්සරහ ඉනට අත් දෙක තියාගෙන ඉන්න ටේහ්‍යුන් දිහා බලපු ජන්කුක් ආයාසයෙන් හිනාවක් නගාගෙන මුමුණන කොට ටේහ්‍යුන් දෙතොල් නොපිට පෙරලගෙන ජන්කුක් ලගට ගිහින් ජන්කුක් ව කෙනිත්තුවා.

"හහ්... මම තරහයි ජන්කුක්.  මාව පාරෙ රස්තියාදු කලා!!"

ටේහ්‍යුන් තරහෙන් ජන්කුක්ට මුමුණන ගමන් ජන්කුක් ගෙ අත් අතර හිර වෙලා තිබුණු හොට් ලෙමන් එක ඇදලා අරගෙන ස්ට්‍රෝ එක කටේ ගහගෙන උරවන්න ගත්තම ජන්කුක් හිනා වෙලා ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියා.





"මයි බෑඩ්. අයිම් සෝ සොරි ටේහ්‍යුන්. ගිව් මී එ සෙකන්ඩ්. චිමී මම යනවා එහෙනම්. බායි. සී යූ"

ඉදගෙන කිසිවක් තේරුම් ගන්න බැරුව ලෙමන් එක උරවන තරහෙන් පුපුරන ටේහ්‍යුනුයි අසරණ විදියට බෙල්ල කහන ජන්කුක් යි දිහා කට ඇරගෙන බලාගෙන හිටපු ජිමින් ආයාසයෙන් නගා ගත්ත සිනහවක් එක්ක හිස සැලුවා.

"ඔහ්... ඕකෙ ජන්කුකී.. සීයූ."

හිනා වෙලා මුමුණපු ජිමින් ජන්කුක් ට අත වනද්දී ජන්කුක් ටේහ්‍යුන්ට තමන් ඉක්මනින් පැමිණ බවට සංඥා කරලා එතනින් ඉවතට දුවගෙන ගියාම කිසිවක් නොකි ටේහ්‍යුන් පුටුවක් ඇදලා ජිමින් ගාවින් වාඩි උනා.

"කිව්වෙ කොහොමද!! මම හතරටම එනවා. ටේහ්‍යුනුත් එන්න. විනාඩියක් හරි පරක්කු උනොත් මම දාලා යනවා.  හහ්. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි. නපුරු ඇස්. මම පාරෙ ගල් ගැහෙන සීතලෙ හිටන් ඉන්නකොට මේ මනුස්සයා මෙතන හොට් ලෙමන් බොනවා. අල්ලා ගන්නම් කො මම නපුරු ඇස්!!"

ටේහ්‍යුන් තමන් දිහා බලාගෙන ඉන්න ජිමින්ට කියනවාටත් වඩා තමන්ටම, ජන්කුක් ට ඇද කරන ගමන් කියනකොට ජිමින් ටේහ්‍යුන් මේ තරම් තරහ ගන්නෙ මොකද කියල තේරුමක් නැතුව බලාගෙන හිටියා.

Rain Shadow | TK ✓Tempat cerita menjadi hidup. Temukan sekarang