"මිස්ටර් කිම්"
ටේහ්යුන් දෙස බලාගෙන නැගිට්ට ජිමින් විසින් විස්තර කරපු මිස්ටර් ජේ ටේහ්යුන් වෙත සිය දකුණු අත දිගු කරනකොට මොහොතක් කල්පනා කරපු ටේහ්යුන් ඔහුගෙ දකුණු අත අල්ලගෙන හිනා උනා.
"මිස්ටර් කිම් නෙවේ. ටේහ්යුන් කියන්න"
"ඔහ්. ටේහ්යුන් ආයෙත් වතාවක් මුණ ගැහුන එක ලොකු සතුටක්"
මිස්ටර් ජේ හිනා වෙන ගමන් කියනකොට පුදුමයෙන් ඔහු දෙස බලාගෙන හිටපු ටේහ්යුන් ඉක්මනට ඔහුට විරිත්තුවා.
"ඔහ්. මම හිතුවා හරි. මිස්ටර් කි... මම කිව්වේ ටේහ්යුන්ට මාව මතක නැහැ. රයිට්?"
"අයිම් සෝ සොරි මිස්ටර් ජේ. ඇත්තටම මගෙ මතකෙ නම් විකාරයක්."
ඔහු හිනාවෙන ගමන් කියනකොට ටේහ්යුන් කණගාටුව මුසු ස්වරයෙන් සමාව අයදින ගමන් කිව්වත් මිස්ටර් ජේගෙ මුහුණ පුරා පුලුල්ව පැතිරුණු සිනහව මොහොතක් වත් අඩු කරන්න සමත් උනෙ නෑ.
"ඔහ්. ඉට්ස් ඕකේ ටේහ්යුන්. මම තමා ඇත්තටම එදා ටේහ්යුන්ගෙ මම් ව හොස්පිටල් එකට ගෙනාවේ. ඒ වගේම ඊට කලින් දවසක ටේහ්යුන්ගෙ යාලුවා මම එයාගෙ ඩැඩා කියලා වරදවා වටහා ගත්තා."
ඔහු ටේහ්යුන් දිහා බලාගෙන මුමුණන කොට එක් වරම ඔහු කවුරුදැයි සිහියට නැගුණු ටේහ්යුන් ඔහු සමග සිනා උනා.
"ඔහ් මිස්ටර් ජේ. මගෙ මමාගෙ නේබර්. මම නම් ගොඩක් බෑඩ්. මට මතක තිබ්බෙ නෑනෙ. ඇත්තටම මට එදා හරියට තෑන්ක්ස් කරන්නවත් බැරි උනානෙ"
ටේහ්යුන් හිනා වෙන ගමන් කියනකොට මිස්ටර් ජේ ඔහුට සිනහවකින් සංග්රහ කරලා ඔහු අසුන් ගෙන හිටපු අසුනේ නැවතත් වාඩි උනෙ ටේහ්යුන්ට ඔහුගෙ එහාපැත්තෙ තිබුණු පුටුව ඇස් වලින් පෙන්වන ගමන්.
ඒ දිහා බලාගෙන හිටපු ටේහ්යුන් ඔහු ලග වාඩි වෙනකොටම ටේහ්යුන් ඉල්ලපු ලොකු හොට් චොක්ලට් කෝප්පයක් උස්සා ගත්ත ජිමින් එතනට ආවා.
"හලෝ. ඔය දෙන්නා ඉක්මනට යාලු උනා ද?"
ටේහ්යුන්ට හොට් චොක්ලට් කෝප්පය දිගු කරන ගමන් මුමුණපු ජිමින් අහනකොට එය කතාවක් නැතිව පිලි ගත්ත ටේහ්යුන් ඔහුට විරිත්තලා තොල් උල් කරලා ඒකට පිම්බා.

ESTÁS LEYENDO
Rain Shadow | TK ✓
Fanficයට ගිය අතීතයක , සැඟවුනු අභිරහසක නිමා නොවූ අවසානය... Taekook Top kook | Bottom Tae Started date - 24 May 2022 Finished - 28 Aug 2022