කමෙන්ට් ගෝල් 50යි. 👀❤️
"මගෙ චූටි කකුල.... අනේ මගෙ චූටි නහය... රිදෙනවාආආආආආආආආ!!!"
ටේහ්‍යුන් බුම්මගෙන පියානෝ එක ළග තිබුණු ලොකු මේසෙ උඩ වාඩි වෙලා පපුව උඩ අත් දෙක බැඳගෙන කෙඳිරි ගාන්න ගත්තා.
"හහ්. නපුරු ඇස්. නපුරා.. මාව දශමයක් , නෑ දශම භාගයක්, ඒ ඕනෙත් නෑ දශම හතරෙන් එකක් ගනන් ගන්න තිබ්බනෙ!! ගෝඩ් එච්චර නපුරු වෙන්නෙ කොහොමද මම වගේ හුරතල් බෝයි කෙනෙක්ට"
ටේහ්‍යුන් බුම්මගෙන කකුලක් උඩට උස්සගෙන කකුලෙ ඇගිලි හිමීට පිරිමදින ගමන් කෑ ගැහුවේ යන්තම් ඉකි වැටෙනකොට.
"ඒයි...?"
පිටිපස්සෙන් සද්දයක් ඇහුනම එක පාරට ම උඩ ගිය ටේහ්‍යුන් ඒ සද්දෙ ඇහුන පැත්තට බෙල්ල දිග් කරලා එබුනාම ටේහ්‍යුන් දැක්කෙ ඔහු දිහා පපුවට අත් දෙක බැඳගෙන බලාගෙන ඉන්න ජන්කුක්.
"හහ්. මේ ඉන්නෙ නපුරා..බලාගෙන ඉන්න හැටි විතරක්! "
ටේහ්‍යුන් නහය උඩට ඇද්දා.
"ජන්කුක්..!!! මොන හයියක් අරගෙනද මගෙ අහිංසක ස්නෝ බෝල්ව මරලා දැම්මෙ..? මිනීමරුවා ජියොන්. ඉඩියට්! යූ ඉඩියට්"
තරහෙන් කෑ ගහගෙන ජන්කුක් ව දැක්ක ගමන් ටේහ්‍යුන් මේසෙන් බිමට පැන්නත් උලුක්කු උන් කකුල බිම වැදුනම ටේහ්‍යුන් ගෙ මූණ බෙරි උනේ ඇස් වල පිරිලා තිබුන කඳුලු කැට අලුත් වෙනකොට.
"අ..හ්"
යන්තම් වේදනාවත්ම කෙඳිරියක් පිට කරපු ටේහ්‍යුන් බැලන්ස් නැතුව ඉස්සරහට ඇදගෙන වැටෙන්න යනකොට ඔහු දෙස පුදුමෙන් බලාගෙන හිටපු ජන්කුක් ඉක්මනට ඉදිරියට පැනලා වැටෙන්න ගියපු ටේහ්‍යුන්ව ඔහුගෙ පපුවෙන් අත දාලා අල්ලා ගත්තා.
"මොකද උනේ..?"
තරහෙන් කොඳුරන ටේහ්‍යුන්ව ජන්කුක් පපුවට තද කර ගෙන වාරු කර ගත්තම ටේහ්‍යුන් ජන්කුක්ගෙ පපුවට අත මිටවලා පාරක් ගැහුවා.
"ඔයා මර්ඩර් කෙනෙක් ජියොන්. මම යනවා පොලිසියට!!"
තරහෙන් කෑ ගහපු ටේහ්‍යුන් ආයෙම වතාවක් ජන්කුක් ට පහර දෙන්න යනකොට ජන්කුක් ඔහුගෙ නිදහස් අතින් ටේහ්‍යුන්ගෙ අත තදින් අල්ලා ගත්තා.
VOUS LISEZ
Rain Shadow | TK ✓
Fanfictionයට ගිය අතීතයක , සැඟවුනු අභිරහසක නිමා නොවූ අවසානය... Taekook Top kook | Bottom Tae Started date - 24 May 2022 Finished - 28 Aug 2022