විදී දිගේ වේගෙන් දුවන් යන පුංචි රෝස මලක්..'ජෝසනයෙ සුදු රෝස මල'
එයාට හැමෝම කිව්වෙ ඒම.රෝස මලකටත් වඩා ලස්සනයිලු එයා.එයාගෙ මුහුණ දැක්ක අය කිව්වෙ ඒම.හැබැයි එයාගෙ මුහුණ දැක්ක අය ඉන්නෙ හරිම පොඩ්ඩයිලු.හේතුව එයා පළඳින මල් මෝස්තර ගෙත්තම් කරපු රෝස පාට මුව වැස්ම..
ඒ හැර හැමෝම දැක්කේ එයාගෙ නිල් ඇස් විතරයි..අවුරුදු ගාණකට වෙන චන්ද්‍රග්‍රහන වෙන දවස් කියන්නෙ ජෝසන් වල නරක දවස්..
ඒ වගේ දවස් වලට රාජ්‍යයේ උසම තැන වුන රජමාළිගේ උඩම සඳළුතලයට එයා යනවලු..ඒ රෑ වලට එයාගෙ මුව වැස්ම අයින් කරනවලු.එතකොට කියනවා චන්ද්‍රග්‍රහන වල නපුරු කිරණ ජෝසන් පොළවට වැටෙන්නෙ නෑ කියලා..
එයා ඒ තරම් ලස්සන කෙනෙක්ලු..
එයාව ඒ වගේ දවස් වලට දකින රජ මාලිගයේ දාසියෝ වගේම ආරක්ෂකයෝ කිව්වෙ එහෙම.
ජෝසනයෙ රෝස මල ඒ...
එයා කොහෙද ඒ දුවන්නෙ වීදි දිගේ..?
එයා ඉන්න ඕනි එක්ටැම් ගෙයක.එයා ඒ තරම් වටින කෙනෙක්.