විදුරු සුදු ටයිල් කැට උඩ රෝස තිරුවානා පාට ජිමින්ගෙ යටිපතුල් ගැටෙන තැන ඉඳන්ම ඒක කලාවක් වුනා.ජන්කුක් බිම දණ ගහන් ඒවා රූ ගත කලේ තාමත් මත් වුන ඇස් වලින්.
ලැජ්ජාවෙන් එකට තද කර ගන්න නිරුවත් කකුල් වල වගේම චුට්ටක් පහලට ඇද ගන්න හදන ෂර්ට් එකට යන අත් ඇත්තටම කලාත්මකයි.ජන්කුක් විශ්වාස කලා එයා වීනස්ගෙ අනුරුවක් කියලා.ඒ තරම් ඒ දර්ශනය ලස්සනයි.
හීනි වෙන ඇස් වගේම රෝස තොල්... දිග ෂර්ට් අතින් පෙනෙන බෝල ඇඟිලි තුඩු...
"ජිමින් ඔයා නම් සුරදූතයෙක්... රෝස මල් මං කොහොමද ඔයාගෙ ලස්සන විස්තර කරන්නෙ..? ම්? "
ජන්කුක් බිම දණ ගහන් කැමරා එක බිමින් තියලා අත් එයාගෙ පැත්තට දික් කරද්දි මෙච්චර වෙලා ඇඹරෙමින් හිටිය ජිමින් එයාගෙ අත් අතරට දුවන් ආවා.
ජිමින්ව ආව වේගෙටම වඩාගෙන ලිවින් රූම් එකේ කැරකුන ජන්කුක් ජිමින්ගෙ මූණ පුරාම හාදු ගොඩක් තැවරුවේ ආදරේ සේරම කැටි කරලා.
"ජන්කුක් ඇති.. අහ්.. ආ කිති..ජිමිනීට.."
ජිමින් කෑ ගහන ගමන් ජන්කුක්ගෙ බෙල්ල අස්සෙ මූණ හංග ගනිද්දි ජන්කුක් එයාව වඩාගෙන ම ගිහින් පියානෝ එක උඩින් තිබ්බා..
"ඔයා මාව අවුස්සනවා රෝස මල.ඔයා දකිද්දි මාව ගිනි ගන්නවා වගේ.. මට තේරෙන්නෑ.ඒත් ඔයා වශියක්.."
ජන්කුක් ජිමින්ගෙ රෝස පාට සුමුදු යටිපතුල් වලින් හාදුවක් තිබ්බෙ පියානෝ ස්ටූල් එකෙ ඉඳන්.ඒක රෝස පෙත්තක් වගේ.සුවඳයි.. නිකැළැල්... පවිත්‍රයි..
"මං ලස්සනයිද? අර ඊයෙ ආව කෙනාට වඩා? "
ජිමින් මෙච්චර වෙලා එයාට අහන්න ඕනි වුන ප්‍රශ්නෙ ඇහුවෙ එයාගෙම ෂර්ට් එකේ බොත්තමක් එක්ක සෙල්ලම් කරන ගමන්..
"ආෂ්.. බෝලෙ ඒකද මේ? ඔයාට ජෙලස් නේද? ආ? "
"ජෙ..? ජෙලස් යනු? " ජිමින් උවමනාවෙන් අහද්දි ජන්කුක්ට හයියෙන් හිනා ගියා.
"ඊර්ෂ්‍යාව.."
"කාටද මට..? මේ ජෝසන් සුදු............"
ජිමින් අත් පපුව මත බැඳන් කියවන්න ගත්තෙ ආඩම්බරෙන්.ඒත් ජන්කුක් හිනා වෙවී ජිමින්ව පියානෝ එක උඩින් උස්සලා එයාගෙ උකුලට ගත්තා.
"නෑ ඔයාට නෙවෙයි.. එන්න අපි සිංදු කියමු හරිද? "
"ඔයාට පුළුවන්ද? " ජිමින් ඇස් ලොකු කරන් අහද්දි ජන්කුක් ඔළුව වැනුවා.
"ඔයා වෙනුවෙන් මගෙ රෝස්.."
ජන්කුක් ජිමින්ගෙ කම්මුල් උඩින් හාදුවක් තිබ්බාම ජිමින් ජන්කුක්ගෙ පපුවට තුරුළු වුනා.
ජන්කුක්ගෙ දිග ඇඟිලි තුඩු ඔහේ තාලෙට පියානෝ යතුරු උඩ දිව යද්දි ජිමින් ජන්කුක් එක්කම තාලෙට සිංදු කෑලි මිමිණුවා..
________ ॰॰॰ ♡ °°° ________
4th WISH
•. අවශ්‍යයි ගී ගයන්න එකට.
________ ॰॰॰ ♡ °°° ________