"ෂිට් ෂිට් ෂිට්..! "
ජන්කුක් මිටර් දෙකක් විතර ගිහින් කා එක බ්රේක් කරලා ස්ටීරින්ග් වීල් ( steering wheel ) එකේ ඔළුව ගහ ගත්තා...
ඊළඟ තත්පරේ කා එක යූ ටර්න් ගහපු ජන්කුක් තව පොඩ්ඩෙන් තව කා එකකුත් හප්පනවා.ඒ තරම් වේගයක් එයාගෙ තිබුනේ..
එයාට ඇත්තටම අමතක කරන්න බැරි වුනා ඒ නිල් දියමන්ති ඇස්.එයා දිහා ලොකු කරලා බලපු ඒ ලොකු හුරතල් ඇස්...
ජන්කුක්ට හිත හදාගෙන එයාව මේ මහ රෑ පාරෙ දාලා එන්න බැරි වුනා.අන්තිමට එයා තමන්ටම බැන බැන ආපහු යන්න ගත්තෙ උපරිම වේගෙන්.විනාඩි පහක් යද්දි එයා හිටියෙ ජිමින් දාලා ගිය තැන වුනත් ඒ වෙද්දි ජිමින්ව අර මිනිස්සු වට කරගෙන තිබුණා.
ජන්කුක්ගෙ කා එකේ ලයිට්ස් කෙලින්ම එයාලා ඒම් වෙන්න දැල්වෙද්දි එයාලගෙ ඇස් නිලංකාරව ගියා.ජිමින් එයාගෙ ඇස් වහ ගනිද්දි ජන්කුක් කා එකෙන් බැස්සෙ ලෙදර් වලින් කරපු බැටන් එකකුත් අරන්.
"කාටද තමුන්ලා අත තිබ්බේ ආහ්..!? "
ජන්කුක් ඇහුවෙ එච්චරයි.ඒකත් හරිම සන්සුන්ව.
"තමුසේ කවුද ආ..? " ඒ මිනිස්සු ජන්කුක් දිහාට හැරුණේ මරන්න තරම් කේන්තියෙන්.ඒත් ජන්කුක් කලේ ඒකට හිනා වෙන එක විතරයි.
ජන්කුක් එක පාරටම පළපුරුදු විදිහට බැටන් එක ඇඟිලි අතර කරකව කරකව ඇවිත් හැරෙන අතට ගහන්න ගත්තෙ ඒ හිටිය මිනිස්සුන්ට.එයා ඇවිදන් ආව සන්සුන් තාලෙට ඒ මිනිස්සු හිතුවෙ නෑ ජන්කුක් ඒ විදිහට ගහාවි කියලා.ජන්කුක්ගෙ බැටන් පාරවල් වලින් ඒ මිනිස්සුන්ගෙ සම පුපුරලා ලේ ගලද්දිත් එයා ගැහුවා.
බිම වැටි වැටි ඒ මිනිස්සු දුවද්දි පස්සෙන් පන්නන් අඩියක් දිව්ව ජන්කුක් ආයෙ නැවතුනෙ ජිමින්ව මතක් වෙලා..