" ජිමින් ඔයා ඔතනම ඉන්න හරිද.. මොකුත් කරන්න එපා.මොකකටවත් අත තියන්න එපා හරිද? "
ජන්කුක් ජිමින්ව උස්සලා කිචන් කවුන්ටර් එක උඩින් ඉන්දලා ඒප්රන් එක ඇඳ ගත්තා.ජිමින් එයාගෙ කකුල් දෙක ම උඩට අරන් හොඳට ඉඳන් දෙපැත්තට පැද්දෙන්න ගත්තෙ හිනා වෙවී.
"ඔයා උයනවා? "
"ඔව් මං උයන්න දන්නවා."ජන්කුක් ගොඩක් හීනියට කැරට් ලීස් කපන ගමන් කියද්දි ජිමින් කැරට් දිහා බලන් කෙළ ගිල්ලා.
"ඕනිද ඔයාට?"
"ම්හ්..." ජිමින් මිනි රොබෝ කෙනෙක් වගේ ඔළුව උඩ පහල හොලවද්දි ජන්කුක් ලොකු කැරට් කෑල්ලක් ජිමින්ට කැව්වා.
"ඔයා දන්නවද මාව ජෝසන් වල උස කණුවෙ හිර කරලා තියෙද්දි එයලා මට කෑම ගෙනත් දුන්නා.." ජිමින් තව දෙපැත්තට වැනෙන ගමන් කියද්දි ජන්කුක් හිනාවකින් ජිමින් දිහා බැලුවා.
"පුදුමයක් නෑ ඔයාට උයන්න බැරි එක. ඕනි දේ ලඟට ගෙනද් දෙද්දි.."
ජන්කුක් ජිමින්ගෙ කම්මුලක් මිරිකුවා.ඒත් ජිමින් ඒකට ඇස් ගිලෙන හිනාවෙන් හිනා වුනා.ඒත් හොඳට බැලුවොත් ඒක තුළ හැංගුන ලොකු වේදනාවක් ලියවිලා තිබුනා.
"ජෝසන් වලදි මට ඕනි ඕනි දේවල් කියලා ඉල්ල ගන්න මට කතා කරන්න පුළුවන්කමක් තිබුනෙ නෑ කෙසෙල්.. මං දැන් තමා කතා කරන්නෙ.."
ජිමින් කියද්දි ජන්කුක් ජිමින් දිහා බලන් කපන්න ගිහින් තව පොඩ්ඩෙන් අතත් කපා ගන්නවා.
"මෝහ්? ඔයාට කතා කරන්න බැරිද? "
"හුම්.මට කතා කරන්න පුලුවන් වුනා නම් මං ඉස්සෙල්ලම ඉල්ලන්නෙ මට යන්න දෙන්න කියලා.."
"ආ.. ඒකයි.."
ජිමින් මේසෙ උඩ ඉඳන් ජන්කුක්ගෙ පිටට පැන්නෙ ජන්කුක් එයාට පිටිපස්ස හරවලා බිත්තර දෙක තුනක් කඩලා ඩිෂ් එකකට දාද්දි..
ජන්කුක්ට ඕනි වුනේ එයාගෙ කඳුළු පිරෙන්න යන ඇස් ජිමින්ගෙන් හංගන්න.ජිමින් ජන්කුක්ගෙ පිටේ ඉඳන් කෝලා පැටියෙක් වගේ තුරුළු වෙද්දි එයාට දැනුනා එයාවම සැනසෙනවා.
"මං ඒකයි මෙහෙට කැමති.අවශ්ය නෑ මට යන්න.."
"ඕනි නෑ මටත් ඔයාව යවන්න.." ජන්කුක් බිඳුණු ස්වරයෙන් මිමිණුවාම ජිමින් බිමට පැන්නා.
එයා ජන්කුක්ගෙ මේසෙට තද වුන අත් යටින් රිංගලා ජන්කුක් , මේසය අතරට ආවා.
"මං හිතන්නෙ ජන්කුක් මං........? " ජිමින් කියන්න ගිය දේ ගිල ගත්තෙ ජන්කුක්ගෙ ඇස් දිහා බලන්.
"මං දන්නවා.."
ජන්කුක් ජිමින්ගෙ රතු පාටට හැරෙන හුරතල් මූණට නැවිලා ඒ රෝස තොල් උඩින් චූටි හාදුවක් තැවරුවා..
ජිමින්ගෙ ඇස් ලොකු වෙලා තොල් විවර වුනේ පුදුමෙට.එයා විශ්වාස කලේ ඒක ඒකපාර්ශ්වීය ප්රේමයක් වෙයි කියලා..
" ආදරෙයි රෝස මල...."
________ ॰॰॰ ♡ °°° ________
1st WISH
•. ආදරෙන් ආහාර සාදන්න අවශ්යයි
ඔබ සමග.....________ ॰॰॰ ♡ °°° ________