ජන්කුක් එනකන් කියලා ජිමින් සෝෆා එකට වෙලා බිම ගෑවෙන් නැති කකුල් පද්ද පද්ද හිටියා.ඒත් ජන්කුක් එන්න එන්න පරක්කු වෙද්දි පුංචි රෝස මලට එයාගෙ නිදිමතට පියවෙන ඇස් තවත් ඇරන් ඉන්න බැරි වුනා..
චුට්ට චුට්ට නින්දෙන්ම සොෆා එකේ ගුලි වුන පුංචි රෝස මල ජන්කුක් එද්දි තද නින්දට වැටිලා හිටියෙ.ජන්කුක් එන්න පැය කාලක් යන්න ඇති.ඒත් ඒ වෙලාව නිදිමත පිරුණ එයාගෙ ඇස් වලට ලොකු වෙලාවක්.
ජන්කුක් තාමත් පහලට වැටිලා තියන ජිමින්ගෙ කකුල් සෝෆා එක උඩින් තියලා එයාව ඈතට කලේ පෙරලිලා බිමට වැටෙයි කියලා හිතුන නිසා.
"නිදාගෙන ඉද්දිත් මේ තරම් හුරතල් ලස්සනක් තියෙන්නෙ ඇයි..?" ජන්කුක් මිමිණුවේ ජිමින් දිහාම බලන්.එයා ලඟම තිබුන ප්ලූෂී එක අරන් ජිමින්ගෙ ඔළුව යටින් තිබ්බා.
ඊළඟට එයා ඇඳන් හිටිය ටී ෂර්ට් එකේ අත උඩට හදා ගත්ත ජන්කුක් රාමෙයෝන් එකක් හදන්න කිචන් එකට යද්දි ම වගේ පාන්දර තුනට වෙලාව වැදුනා.ජන්කුක් බය වුනා ජිමින් ඒ සද්දෙන් ඇහැරෙයි කියලා.ඒත් ගැඹුරු නින්දෙ හිටිය රෝස මලට ඒක ඇහුන් නෑ..
ජන්කුක් රාමෙයෝන් එක හදන්න එච්චර වෙලා ගත්තෙ නෑ.ඒත් ජිමින්ට ඇහැරව ගන්න එයාට ඊට වඩා වෙලාවක් ගියා.
"ජිමිනී... ඇහැරෙන්න... ඔයා බඩිකින්නෙ.. ඇහැරෙන්න.."
ජන්කුක් ජිමින් ගාව පැත්තකින් ඉඳන් එයාගෙ උරහිස්සට තට්ටු දැම්මා.ඒත් ජන්කුක්ගෙ ඇස් නැවතුනෙ රෝස් සිරප් වගේ කෙළ නෑවුන ජිමින්ගෙ තොල් වල වගේම හරිම සාමකාමීව පියවුන දිග ඇස් පිහාටු වල.ඒත් එයා දැක්කා ඒ ඇස් පිහාටු ගැස්සෙනවා.ජන්කුක්ට ලාවට හිනා ගියෙ ජිමින්ගෙ හුරතල් හොර වැඩ වලට.
"ජිමින්.... ඔයා ඇහැරෙන්නෙ නැත්තම් අර මෘග......"
"ජිමින් අවදියෙන් හුම්...."
ජිමින් ඇස් අරින ගමන් කෙළින් වුනේ ඉක්මනටම.
"වොහ්.. හොඳයිනෙ.ආ මෙන්න හරිද..? ඕම ඉන්න..."
ජන්කුක් ජිමින්ගෙ අතට රාමෙයෝන් ඩිෂ් එක දීලා නැගිට්ටෙ ජිමින්ට වතුර ගේන්න.ඒත් ජිමින් හිටියෙ ඇස් ලොකු කරන් ඒ දිහා ම බලන්.
"හොඳ සුවඳක් ආවා වුනත් එය තනිකර පැටළුණු නූල් ගොඩක්..ඔහ් මට ඒකෙ පැටළුම් අරින්න කියලද කියන්නෙ..? "
ජිමින් ඒකට අත දාන් එක් නූලක කොණක් ගන්න කොට ඒක රස්නෙයි කියලා එයාට තේරුණා..
"....යාආආආහ් රෝස ගහ ! මොකද්ද ඔයා කරන්නෙ..නූල්ඩස් එකකින් බෙල්ල වැල දාගන්නද යන්නෙ ආ..?"
____________________________
පාන්දර 2.20 යි දෙවියනේ.. දැන් නිදියන්න හරිද..🥲🤭❤