මුළු මැන්ශන් එක පුරාම දෝංකාර දුන්න ජන්කුක්ගෙ එලාම් එකට පින් සිද්ධ වෙන්න උදේම ජිමින් පැන්නෙ ජන්කුක්ගෙ ඇඟට.
"ආආආආආහ්.. "
ජන්කුක්ට කෑ ගැස්සුනෙ එයාගෙ බඩ උඩට පැනපු කෙනා එයාව බදාගෙන ඩුවට් එක අස්සෙ ගුලිවෙද්දි.තද නින්දෙ හිටිය ජන්කුක්ට සියළු දෙවිවරු වගේම භූතයො හොල්මනුත් සිහි වුනා.
"ජිමින්..! අහ් ඔයා.."
ජන්කුක් උඩට ගත්ත හුස්ම පහත දාන ගමන් ඩුවට් එක උස්සලා බලලා ආයෙ ඒ තිබුන විදිහට ම වහලා දැම්මා.ජිමින් චූටි පූස් පැටියෙක් වගේ හුරතලේට එයාගෙ පපුව උඩ ගුලි වෙලා හිටියෙ ඇස් ලොකු කරන්.එයා ජන්කුක්ගෙ එලාම් එකට ඇත්තටම බය වුනා..
ජන්කුක් ජිමින්ට එහෙමම ඉන්න දීලා ආයෙ නිදා ගත්තා.ඊයෙ රෑ තුනත් පහුවෙලා නිදියපු නිසා එයාට නවයට ඇහැරෙන්න කිසිම උවමනාවක් තිබුනෙ නෑ.
ඒත් ඊළඟට එයා ආයෙමත් ඇහැරුනේ එයාගෙ පපුව දිගේ උඩට දැනෙන චූටි අත් වගේම උණුසුම් හුස්ම එයාගෙ බෙල්ලට වදිනවා දැනුනම.
"රෝස මල වේහ්..? තව ටිකක් නිදා ගන්න ජිමිනී..."
ජන්කුක් නින්දෙන්ම ඇස් පියන් මිමිණුවාම ජිමින් එයාගෙ කන ලඟ මොනාදෝ මිමිණුවා.
"එයා අපිව හපන් නැද්ද..? "
"කවුද හපන් නැත්තෙ? "
"අර ඔබගෙ මේසය මත සිටින කුඩා මෘගයා.."
"ඒකට මෘ මෘ....වට්එවර්.ඒක කියන්න එපා.ඒක ෆෝන් එකක්. එයා ඔයාව හපන් නෑ නිදා ගන්න.."
ජන්කුක් ඇස් පියන්ම කියද්දි ජිමින් ඇස් ලොකු කරන් ජන්කුක් දිහා බලන් හිටියා.එයාට හිතුනෙ ජන්කුක් තරම් කඩවසම් කෙනෙක් එයා ජීවිතේටම දැකලා නෑ කියන එක.එයාගෙ මෙරුන් පාටට දිළිසෙන තොල් වගේම දිග ඇස් පිහාටු දිහා එයා බලන් හිටියා.ඒ වගේම ඒ තොල් යට තිබුන මවුලය දිහාත්..
"මං කිව්වෙ නිදා ගන්න කියලා.මං දිහා බලන් ඉන්න කියලා නෙවෙයි බෝලෙ."
ජන්කුක් ජිමින්ව එයාගෙ ඇඟ උඩ ඉද්දිම පපුවට තුරුළු කර ගනිද්දි ජිමින්ට චූටි හිනාවක් ගියා.ජන්කුක් තාමත් ඇස් පියන් හිටියට එයාට ඇහුනා ජිමින්ගෙ හිනාව.එයා මවා ගත්තා ඒ හිනාව. ඇස් හීනි වෙලා ලැජ්ජාවෙන් හිනා වෙන ජිමින්ගෙ හිනාව.
ජිමින් අහන්නෙවත් නැතුව ජන්කුක්ගෙ පපුව උඩින් ඔළුව තියා ගත්තාම ජන්කුක් ආයෙත් එයා එක්කම නින්දට වැටුනා.
______________________________
මං ඕනිවට වඩා විස්තර කරනවද අප්පා? ඔයාලට මේවා මැවෙනවද? 🥲