ජන්කුක් කිව්වෙ මොකක්ද කියලා හිතන ගමන් ජිමින් හිටියෙ.එයාට මතක තිබුනෙ නෑ ජෝසන් වල කෙහෙල් මලක් හිටියා කියලා.
"රෝස මල.. බ්ලැ බ බ්ලැ..."
ජන්කුක් ජිමින්ට ඇද කරලා කා එක ආයෙ ඩ්‍රයිවින් කරන්න ගත්තා.ඒත් එයා කටවහගෙන ඉන්න ජිමින් දිහා බලලා එක පාරක් දෙපාරක් රවන්න අමතක කලේ නෑ..
"ඒත් මං ඇත්තටම ජෝසනයේ සුදු රෝස මල.ඔබ මා නොදන්නවාද? " ජිමින් ආයෙමත් ඇහුවෙ පුදුමෙන්.ජෝසනයේ එයා නොදන්න කෙනෙක් නැති තරම්..
ඒත් ජන්කුක් ජිමින් දිහා බැලුවෙ ඇහි බැමක් උස්සලා.එයා ආයෙ ඔළුව දෙපැත්තට ගසලා ඉස්සරහ බලන් ඩ්‍රයිව් කලා.
"දන්නවා දන්නවා රෝස මල.. කෝ ඔයාගෙ නටුවයි කොළෙයි.. ඉන්න මං ඔයාව ගිහින් පැල කරලා වතුර ටිකක් දාන්නම්.."
ජන්කුක් ස්පීඩ් එක වැඩි කරන ගමන් කියද්දි ජිමින්ට ඒ කිව්ව දේ නම් තේරුණා.කොච්චර වුනත් ආඩම්බර රෝස මලට තරහ ගියේ එයා ඒ තරම් අපහාසයක් විඳලා නැති නිසා.
"ඔ හෝ මොන නැහැදිච්චකමක්ද ?! මං ජෝසනයේ රජුගේ උප බිසවකගේ දරුවෙක්! නොදන්නෙහිද?! ගරු කරනු! "
ජිමින් එයාගෙ කඳුළු පිහ පිහ රවාගෙන කියද්දි ජන්කුක්ට සැරටම බ්‍රේක් එක පෑගුනා මේ පාර.තව පොඩ්ඩෙන් රෝස මල වින්ඩ්ස් ස්ක්‍රීන් එකේ හිටින්නෙ.
ජන්කුක් ඇස් ලොකු කරලා බැලුවෙ මේකට ඇත්තටම පිස්සුද හැටිද කියලා.ඒත් එයාටම හිනා ගියා ජිමින් අත් දෙකත් පපුව හරහා බැඳගෙන හුරතල් විදිහට රවද්දි..
"එසේය එසේය දේවයන් වහන්ස..මදක් ඉවසනු මානසික රෝහලට රැගෙන යන තුරු.."
ජන්කුක්ට තද කරන් හිටිය හිනාව පුපුරලා යද්දි ජිමින් තව තවත් රැව්වා.ජන්කුක්ට පෙනුනෙ රැලි වැටෙන ඇහිබැම් වගේම මිටිමෙලවෙන හුරතල් අත් විතරයි.එයාට ඕනි වුනා ජිමින්ගෙ මාස්ක් එක අයින් කරන්න..
"ඒයි මේ රෝස ගහ ඔයාගෙ ඔය රෙද්ද.........ආ නෑ සමාවෙන්න! ඔබගේ මුව ආවරණය ගලවනු මැනවි.."
______________________________
මේක ලියද්දි මටම හිනා යනවා අප්පා 😂