🖇 29

814 271 15
                                    

"ඔ හෝ මොන නැහැදිච්චකමක්ද? "

ජිමින් එයාගෙ කකුල් වලින් පොළොවට තට්ටු කරන ගමන් කිව්වෙ ජන්කුක් දෙකට නැවිලා බඩ අල්ලන් හිනා වෙලා හැටි දිහා බලන්.එයා තමත් එයාගෙ අත් පපුව උඩ බැඳගෙන හුරතල් විදිහට රවාගෙන හිටියෙ..

"සමාවෙන්න සමාවෙන්න රෝස ගහ.මට රපුන්සල් මතක් වුනා.. වාහ් මොනා වුනත් ඔයාගෙ බොරු ඇක්ට්‍රැක්ටිව්.ඔමෝ...
" ජන්කුක් ජිමින්ගෙ උරහිස්සට තට්ටුවක් දාලා හුස්ම ගත්තා.

"බොරුවක් නෙවෙයි.මාව සිර කරලා තිබුනා.මාව දකින්න කාටවත් ම අවසර තිබුනෙ නෑ. චන්ද්‍රයා ගිල ගන්න අඳුරු රාත්‍රින් වල මගෙ මුහුණ දැක්කම ජෝසන් වලට සාප නොවදිනවා කියලා ජෝසන් වැසියෝ විශ්වාස කලා.ඒ නිසා මාව ඒ දවස් වලට අර උඩම මහලට ගෙන්නුවා.දැන් අවුරුදු ගාණනක් මං එය ඉවසුවත් තවත් ඉවසිල්ල නොතිබෙද්දි මං අර සඳළුතලයෙන් පැන්නා.."

ජිමින් කඳුළු පුරවන් කියන් ගියෙ ඇඟිල්ල දික් කරලා ෆොටෝ එක පෙන්නන්න ගමන්.ජන්කුක් මොනවා වුනත් ජිමින්ට මේ වෙලාවේ ඇහුම්කන් දුන්නා.එයා සාමාන්‍යයෙන් කවුරු කියන එකවත් අහන් නැති වුනත් මේ වෙලාවෙ එයා ඇහුවා.

"මරණය අයැදලා මං මැරුණත් මං වැටුනෙ ඔබ මතට.සමාවෙන්න මේ කොහෙද ? මොන වර්ෂයද? ඔබ කවුද? සෝල් වල කෙසෙල් මලට අමතරව ඔබේ ඇත්තම නම කුමක්ද? මං දන්නෙ නෑ කිසිවක්.."

ජිමින් කට හද හද තොල් උල් කර කර කියන දිහා ජන්කුක් බලන් හිටියෙ අවධානයෙන් වගේම අසාවෙන්.ඒත් ජිමින් එයාගෙන් උත්තරයක් බලාපොරොත්තු වුනා.ඒත් එයා මොකුත් කිව්වෙ නෑ.ජිමින් එයාට ඇඬෙද්දි නහය උඩට ඇද ඇද ආයෙ කතා කලා.

"ඉතිං ස්තුතියි.මං සොයා ගන්නම් මේ කොහෙද කියා. මං යන්නම් ඔබේ නිවසින්.."

ජිමින් හිස නවා ආචාර කරද්දි තමා ජන්කුක් ඇත්තටම පියවි සිහියට ආවෙ.ඒත් ටික වෙලාවක් ගියා දේවල් මොළේට ප්‍රොසෙස් වෙන්න..ඒ වෙද්දි ජිභින් චූටි අඩි තිය තිය ඉකි ගගහා එයාලා ආව දොර දිහාට යන ගමන් හිටියෙ.

"ඒයි රෝස ගහ.........

JOSEON WHITE ROSE [▪︎COMPLETED▪︎]Donde viven las historias. Descúbrelo ahora