"බහිනවා කා එකෙන් එළියට! "
ජන්කුක් කා එකෙන් පැසෙන්ජර් සීට් එකේ දොර ඇරන් හිටියෙ.එයාට කොච්චර තරහ ගිහින්ද කියනවා නම් ඔයාට ඕනි වුනා මේ පුංචි බොරුකාර ජීවියව කා එකෙන් ඇදලා බිමට දාන්න.
ඇත්තටම ජන්කුක් කාවවත් විශ්වාස කරන කෙනෙක් නෙවෙයි.එයා පොඩිකාලේ ඉඳන්ම ජීවත් වුනේ බොරුකාර දේශපාලනය එක්ක.එයා කොහොමද විශ්වාස කරන්නෙ අද දැකපු කෙනෙක්ව?
ජිමින් ඇස් ලොකු කරන් බලන් හිටියා.එයාට කා එකක් කියන්නෙ මොකක්ද කියන්න ලොකු වැටහීමක් තිබුනෙ නෑ.මේ ටික වෙලාවට එයාට හිතා ගන්නවත් බැරි ගොඩක් දේවල් වුනා.
ඒත් ජිමින් ගැහි ගැහි කා එකෙන් එළියට ආවෙ එයාට ලාවට කියපු දේ තේරුණ නිසා.
"ඕකේ.දැන් ඕනි දෙයක් කර ගන්නවා.මට පිස්සු තමුසෙ වගේ කෙනෙක් කා එකේ දාන් ආවට.ස්ටුපිඩ් මෑන්.තමුන්ට ප්රසිඩන්ට් කියන එකවත් කියා ගන්න බෑ.."
ජන්කුක් කෑ ගහලා කා එකේ ඩෝ එක හයියෙන්ම වහලා දාලා ඩයිවින් සීට් එකට ගියා.එතකොට ජිමින් හිටන් ඔහේ බලන් හිටියා.කා එක ස්ටාර්ට් කර ගත්ත ජන්කුක් ජිමින්ව වේගෙන් පහු කරන් යන්න ගියත් එයා සයිඩ් මිරර් වලින් ජිමින් කරන දේවල් බලන් තමා ගියෙ.
ජිමින් ජන්කුක්ගෙ කා එක යන දිහා ඇස් බෝල කරන් බලන් හිටියා.එයාට ජන්කුක් කිව්ව වචන තේරුණෙත් නෑ..
ජිමින් ඒ එක්කම බැලුවෙ ජන්කුක්ගෙ වගේම හතරැස් පෙට්ටි පාර දිගේ වේගෙන් යන හැටි.ඒ වගේම කළුවර වුනත් දැල්වෙන එළි දිහාත් එයා බැලුවා.
එයා හරියට චූටි හා පැටියෙක් පස්සෙන් වොන්ඩර්ලෑන්ඩ් එකට ගිය ඇලිස් වගේ පුදුම වුනා.එයා කවදාවත්ම කාස් තියා ජෝසන් කාලේ දේවල්වත් දැකලා තිබුනෙ නෑ.එයා හිටියෙ උස කණුවක හිරවෙලා.
ජිමින් පුදුම වුනා වගේම එයාට දැනුනෙ බියකරු තනිකමක්.ඒ හැගීම කොහොමද විස්තර කරන්නෙ?