"හොඳයි ජිමින්! එතකොට ඔයා කොහෙන්ද කඩා වැටුනෙ? අනික ඔයා ඇයි මාස්ක් එකක් දාගෙන ආ?ඔයා මටත් වඩා ෆේමස්ද? "
ජන්කුක් සමච්චලයට වගේ අහද්දි ජිමින් ඇත්තටම කියන්න ඕනි දෙයක් දැනන් හිටියෙ නෑ.
එයා දැනන් හිටියෙ එයා මාලිගාවෙ අඩි ගාණක් උඩ ඉඳන් පැන්නා කියලා විතරයි.එතකොට එයා මේ ඉන්නෙ ස්වර්ගයෙද? හැබැයි ජන්කුක්ගෙ කවසම්කම දැක්කම ජිමින්ට එහෙම හිතුනා.
"ඇත්තටම ඇයි තමුන් කතා නොක............"
"ඔ.. බ ඔබ කවුරුන්ද? "
ජිමින් කොහොම හරි වචන ගැටගහලා කතා කරන්න ගත්තෙ මේ කෙනා එයාට කෑ ගහන එක විතරක්ම කරන නිසා.
ඒත් ඒකෙන් වුනේ ජන්කුක් පුදුම වුන එක..
"මෝහ්? " ජන්කුක් පුදුමෙත් එක්ක ආයාසයෙන් හිනාවක් මවා ගත්තා.එයාට හිතුනෙ මෙහෙමත් බොරුකාරයෙක් කියලා.ජනාධිපතිගෙ පුතා නොදන්න කෙනෙක් ඉඳීවිද කොරියා වල?
"ඔබ.. කවුරුන්ද කියා විමසුවේ..?"
ජිමින් තාමත් ඇස් ලොකු කරන් ප්රශ්න කරනවා.ජන්කුක්ට තරහත් එක්කම හිනා ගියා.
"යාහ් තමුන් දන්නවානේ මං කවුද කියලා? බොරු කරන එක නවත්තලා ඕනි දේ කියනවා.තමුන් මගෙ කාලය කනවා ඉඩියට් !! "
"ඒත්..... ඒත් මං ඇත්තෙන්ම ඔබ කවුරුන්ද කියා දන්නෙ නැ...හැ.."
ජිමින් බිඳුණු කටහඬින් කියද්දි ජන්කුක් ආයෙ පුදුම වුනා.ඒ කටහඩේ ඕනිවටත් වැඩිය විශ්වාසය තිබුනත් කොහොමද එහෙම නොදන්නෙ ෆේමස් ජන්කුක් ගැන?
"හහ්.... තමුන් නම් ඇත්තටම! යාහ් මං ජෝන් ජන්කුක්.. සැරයක් මං කිව්වත් එක්ක.මං ප්රසිඩන්ට්ගෙ එකම පුතා!"
ජන්කුක් කා එක දෙදරලා යන්න තරම් හයියෙන් කෑ ගහද්දි ජිමින් කලේ ජන්කුක් කිව්ව ඒ වචනෙ කියව ගන්න උත්සහ කරපු එක..
"ප්..ර......ප්ර...සි.........ද......"