ජිමින් හිටියෙ ජන්කුක්ට හොරෙන් මොකක් හරි දෙයක් පිටිපස්සෙ හංගන්.ජිමින් හවස් වෙද්දි ගාඩ්න් එකේ ඇවිදින්න යද්දි ජන්කුක් හොට් චොක්ලට් එකක් බොන ගමන් ජිමින් දිහා බලන් හිටියෙ බැල්කනි එකට වෙලා.
එයාට ඕනි වුනේ නෑ ජිමින් එයාගෙ ඇස් වලින් ඈතට මොහොතක් යවන්න.ඒත් එයාට ඕනි වුනා ජිමින්ව ආරක්ෂා කරන්න.
ආදරේ තියෙන්නෙ සීමා මායිම් වැටවල් දාලා යටත් කරන් කරන තැන් වල නෙවෙයි, ඇස් මානෙ තියන් රහස් විදිහට ආරක්ෂා කරන තැන නේද?
ජිමින් ආයෙමත් ආවෙ මොනා හරි දෙයක් හංගන්.එයා හිතුවෙ එයාව ජන්කුක් එයාව දැක්කෙ නෑ කියලා.ඒත් ජන්කුක් දැක්කා ජිමින් ගාඩ්න් එකේ කෙරවළක පඳුරක් අස්සෙ ඉඳන් කරපු දේ.
"ඒයි රෝස ගහ ?!"
"ජ..... ජන්කුක්..." ජිමින් පස්සට පැන්නෙ ජන්කුක් පඩිපෙළේ උඩම පඩියෙ ඉඳන් එයා දිහා බලන් ඉන්න එක දැක්කෙ දැන් නිසා.ජන්කුක්ගෙ කටහඬ තරහින් පිරිලා නිසා පුංචි සුදු රෝස මල බය වුනා.
"ඔව් ජන්කුක් තමා. එතකොට ඔය පිටිපස්සෙ ඉන්න කෙනාව වහාම ඉස්සරහට ගන්න.."
ජන්කුක් ඇඟිල්ල දික් කරන් කියද්දි ජිමින් බිම බලන් එයාගෙ පිටිපස්සෙ හංගන් හිටිය චූටි පූස් පැටියව ඉස්සරහට ගත්තා.
"ජන්කුක් මං පැහැදිලි කරන්නම්.." ජිමින් එයාගෙ ඇඟිලි තුඩු වලින් බිම වීදුරු ටයිල් එකක් පහුරුගෑවා.
"ඔයා එයාට ආසද? " ජන්කුක් කම්මුලට අතක් තියන් ඇහුවෙ ජිමින්ගෙ හුරතලේට හිනාව අමාරුවෙන් පාලනය කරන්.
"ම්..එයා.. ජන්කුක් එයා...."
"මෙහෙ එන්න මගෙ රෝස මල.ඔච්චර බය වෙන්න එපා අනේ.."
ජන්කුක් එයාගෙ අත් මෑත් කරද්දි ජිමින් පුදුම වෙලා බැලුවා.එයා පඩිපෙල දිගේ දුවලා ගියෙ එයාගෙ පපුවට චූටි පූස් පැටියා ගුලි වෙද්දි..
_______________________
"නෝ ජිමින් මෙයාගෙ බූල් ඔයාට හොඳ නෑ.."
ජන්කුක් තදින්ම කිව්වත් ජිමින්ට ඕනි වුනේ මේ රෑ චූටි පූස් පැටියව එයාලා එක්ක ඇඳේ තියා ගන්න..
"ජන්කුක් කරුණාකරලා..හා කියන්න. අදට විතරක්. ම්? ම්? ම්හ්? "
ජිමින් ඇඳ මැද්දෙන්ම ඉඳන් පූස් පැටියා තුරුළු කරන් පපී ඇස් වලින් අහද්දි ජන්කුක්ගෙ හිත රස්නෙට දියවෙන අයිස් වගේ වුනා..
"අදට විතරයි..? හරි? "
"හරි.. අදට විතරමයි.."
ජිමින් කෑ ගහලා සතුටින් කියලා පූස් පැටියා එක්ක ඇඳේ පෙරලුණා.
"ජිමින්..?" ජන්කුක් ටේබල් ලෑම්ප් එක නිවන ගමන් කතා කලේ ඇඳේ ජිමින්ට එහා පැත්තෙන් නිදාගෙන.
"ම්...? "
"ඔයාට පුළුවන්ද මගෙ පපුව උඩ ඊයෙ රෑ වගේ නිදා ගන්න..?" ජන්කුක් ඇහුවෙ බැල්කනි එකෙන් ආව ලා සඳ එළියට පෙනුන ජිමින්ගෙ දිළිසෙන රූපෙ දිහා බලන්..
"අනිවාර්යයෙන්ම මට ඕනි... ඒත්.."
"ඒත් මොකක්ද ජිමින්? "
ජිමින් කල්පනාවක ගිලෙද්දි ජන්කුක් උවමනාවෙන් ඇහුවා.
"ම්හු.මොකුත් නෑ.මං හිතුවෙ ඔයාට රිදෙයිද කියලා.."
"අනේ මෙහෙ එන්න බෝලෙ.."
ජන්කුක් ජිමින්ව එයාගෙ ඇඟ උඩට අරන් තුරුළු කර ගනිද්දි ජිමින් හිතෙන් ' දෙකයි ' කියලා ගණන් කලා..
________ ॰॰॰ ♡ °°° ________
2nd WISH
•.උණුසුම් ඔබ ලඟ තුරුළු වී නිදා ගන්න
________ ॰॰॰ ♡ °°° ________