"මේ බලන්න මේක පහලට කෙරුවාම වතුර එනවා.උඩට කරාම නැති වෙනවා.දැන් ඇඳුම් සේරම අයින් කරලා මේ පුරවලා තියන බාත්ටබ් එකට බැහැලා නාලා...මේකෙන් පිහදාන් ඔය ඇඳුම් ඇඳන් එන්න.."
ජන්කුක් කියාගෙන යන ගමන් පෙන්නන දේවල් දිහා ජිමින් ඇස් ලොකු කරන් බලන් හිටියා.නිදා ගන්න කලින් ජිමින් වොෂ් දාන්න ඕනි වුනා.ඒත් එයාට මේ දේවල් නුහුරුයි.
"ඇත්තටම මේ අනාගතයද? " ජිමින් පුදුමෙන් ආයෙමත් ඇහුවා.
"අපි කතා වුනා රෝස ගහ ඔය ගැන හෙට කතා කරමු කියලා.." ජන්කුක් ජිමින්ට කියලා බාත්රූම් එකේ දොරත් වහන් ගියාම ජිමින් ජන්කුක් කියපු විදිහටම ඒ දේවල් කරන්න උත්සහ කලා..
"තාම ඉවර නැද්ද රෝස ගහ..? ඔයා ඕක ඇතුළෙ මල් හිටවනවද ඈ?"
"අවසන්..ඒත්..."
"ඒත් කියන්නෙ මොකද්ද? මං ඇතුළට එනවා..."
"........"
ජිමින් මොකුත් කියන්නත් කලින් කවුච් එකට වෙලා නිදි කිර කිර හිටිය ජන්කුක් වැනි වැනිම ඇතුළට ආවා.ඒත් ජිමින්ව දැක්කම එයාගෙ නිදිමතට නිදිමතම අමතක වුනා...
වතුර බිංදු බේරිලා වැටෙන උරහිසට දිග කොණ්ඩයත් එක්ක ජන්කුක් ගැස්සුනේ ඒ ඇඳන් හිටිය එකට.
ජිමින් ජන්කුක්ගෙ දිග සුදු බැගී ටී එකට ෂෝට් එකක් ඇඳන් හිටියෙ.ටී එක එයා වගේ දෙන්නෙක්ට බහින්න පුළුවන් එකක්.ඒකට වැහිලා ෂෝට් එකක් ඇඳලදවත් නොපෙනෙන තරම්.ජිමින්ට ඒ ඇඳුම එක්ක පුදුම හුරතල් ලස්සනක් තිබුනෙ..ජිමින් දොර ගාව ඉඳන්ම වශී වුන එක පුදුමයක් නැහැ.
"කෙසෙල්... මං මේ ඇඳුම ඇත්තටම.. ආහ්.. නුහුරුයි මට.."
ජිමින් එයාගෙ නිරුවත් කකුල් වලින් පහලට ටී එක අදින්න උත්සහ කරන ගමන් රතු වුන කම්මුල් එක්ක කිව්වෙ ලැජ්ජාවෙන්.හුරතල්.... ඇත්තටම හුරතල්..
ඒත් ජන්කුක්ට තාමත් එයා සිහිනෙන් දකින ඒන්ජල් බේබි කෙනෙක්..
_______________________
●. ඉක්මනට එන්නම් ආයෙ..🤭