ජන්කුක් ජිමින්ගෙ කකුල් යටින් අත යවලා වඩා ගත්තාම නින්දෙ හිටිය ජිමින්ගෙ කම්මුල් ජන්කුක්ගෙ පපුවට හේත්තු වුනා.එයාගෙ පපුවට තද වෙලා මිරිකුණ කම්මුල් නිසා උල් වුන රෝස තොල් දැක්කම ජන්කුක්ට දැනුනා එයාව හිරි වැටෙනවා වගේ..
"නෑ නෑ.. යාහ්.. නෑ එයා කොල්ලෙක්.. අනික එයා මට අද හම්බුනේ..එයාට ආදරෙයි කියලා නම් කියන්න එපා මට ඔයා.."
ජන්කුක් හිතෙන්ම එයාට අවවාද දී ගන්නවා.ඒත් මොනා වුනත් ජන්කුක් ඒ හැඟීමට උමතුවෙන් වගේ කැමති වුනා.තව තව එයා ජිමින්ව තුරුළු කර ගනිද්දි එයා චූටි දරුවෙක් වගේ හුරතල් සද්දයක් දැම්මෙ එයාට හුස්ම ගන්න අමාරු වෙද්දි.ජන්කුක් ඒ තරම් තදට එයාව තුරුළු කරන්.
ජිමින්ව ඇඳේ මැද්දෙන්ම තියපු ජන්කුක් එහා පැත්තෙන් ගිහින් කොට්ට තිබ්බෙ ජිමින් පෙරලිලා යයි කියලා.
"මට තේරෙන් නෑ ඇයි මං මෙච්චර මේ රෝස ගහ ගැන හිතෙන්නෙ කියලා.."
ඩුවට් එක ජිමින්ගෙ බෙල්ල ලඟටම පොරවන ගමන් ජන්කුක් මිමිණුවා.එයාත් ජිමින් ලඟින් පැත්තකින් නිදා ගත්තාම ජිමින් නින්දෙන්ම එයා පැත්තට හැරුණා..
"රෝස.. නෙවෙයි අනිවාර්යයෙන්ම. හුම්..රෝස මලක් මෙච්චර ලස්සන නෑ.."
ජන්කුක් නින්ද යනකන්ම හිතුවෙ ජිමින් රෝස නැතුව වෙන මොකක් හරි ඇමසන් වලින් තාම හොයා ගත්ත නැති මලක් වෙන්න ඇති කියන එක.
_____________________________
Baby shark, doo doo doo doo doo doo
Baby shark, doo doo doo doo doo doo
Baby shark, doo doo doo doo doo doo
Baby shark!Mommy shark, doo doo doo doo doo doo
Mommy shark, doo doo doo doo doo doo
Mommy shark, doo doo doo doo doo doo
Mommy shark!
"මෘගයේඒඒඒඒඒඒඒඒඒඒඒඒක් ! "ඔව් මුළු මැන්ශන් එකම උදේම හෙලවිලා යන්න තරම් කෑ ගැහිල්ලක් ආවා..