Since yall showered me with so many comments, I'll reward you guys another update!!
Second update for the day!!
Happy reading!!
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
Jungkook's POV
යුන්ගි පා කියන දේවල් වලට ලැජ්ජා හිතුනත් මම එයා දිහා බලන්නේ නැතුවම දොරෙන් එලිය බලාගෙන හිටියේ ටේවූ යන දිහා. අත් දෙකෙන් තීන්ත බාල්දි දෙක අමාරුවෙන් ටික දුරක් උස්සන් ගිහින් ආයේ ඒවා බිමින් තියනකොට මට එයාට ගිහින් උදව් කරන්න හිතුනත් ඕනේවට වඩා කරන්න ඕනේ නෑ කියලා හිතුනා. ඒත් අතට ගත්ත තීන්ත බාල්දි දෙක අරගෙන අඩි තුන හතරක් ඉස්සරහට ගිහින් ආයේ එයා ඒවා බිමින් තියනකොට මට තේරුනා එයාට ඒක උස්සන් යන්න බෑ කියලා. ටේවූ පිටිපස්ස හැරිලා කඩේ දිහා බලනකොට මම හිනා උනත් එයා කිව්ව දේ මාව සතුටු කරා."මම හිතන්නේ මට ඔයාගෙන් උදව් ඕනේ වගේ!! "
මම හා කියන්න ඔලුව වනලා දොර ඇරගෙන එලියට යන්න හැදුවත් ආයේ ඒ දොර හිර උනා. දොරට හයියෙන් කකුලෙන් එකක් ගැහුවම දොර ඇරුනේ නැතත් මගේ කකුල රිදුනට මම ඒක පෙන්නන්නේ නැතුව වේදනාව අස්සෙන් හිනාවක් පෙන්නගෙන ආයේ දොර අරින්න හැදුවා. ඒත් වැඩක්ම නැති තැන මම ආයේ ජනේලයෙන් එලියට ආවේ යුන්ගි පා ඇතුලේ ඉදන් මට හිනාවෙනවා ඇති කියලාවත් හිතන්නේ නැතුව.
"ම්ම්. මේ දොර... මට ඒකේ ලොක් එක හදන්න වෙලාවක් තිබ්බේ නෑ. "
"එහෙමද?"
මම ට්රක් එක අරගෙන ටේවූ ලගට ඇවිල්ලා ශීට් එකෙන් බැහැලා ඇවිත් ටේවූගේ අතේ තිබ්බ තීන්ත බාල්දි දෙක ගත්තා. ඒවා පිටිපස්සේ ශීට් එකෙන් තියලා මම ටේවූට දොර ඇරලා දුන්නම එයා මට ස්තූති කරලා වාහනයට නැගුනා. උදේ ලෙමන් ට්විස්ට් වාඩි වෙලා ආව ශීට් එකේ දැන් ටේවූ ඉන්නකොට මගේ ඇග ඇතුලෙන් අමුතු සතුටක් ආවා.
මම වාහනය ස්ටාර්ට් කරපු ගමන් ටොක ටොක ගාලා වාහනය නටන්න පටන් ගන්නකොට ටේවූ බය උනා කියලා මම දැක්කා. ඒත් මගේ කබල් ට්රක් එක ටික දුරක් යනකොට ටොක ටොක ගාණ එක නැවැත්තුවත් හොදටම ගැස්සි ගැස්සි යන්න පටන්ගත්තා. අලුත් වාහනයක් ඕනේ කියලා හිතුනත් සල්ලි නැති හන්දා මේක හොදයි කියලා හිත හිත මම ටේවූ එක්ක කතා කර කර එයාගේ ගෙදරට ඩ්රයිව් කරා.
YOU ARE READING
Safe Haven | Tae × Kook | Completed
Fanfiction"ටේයුන්. ඇයි මේ? ඔයා කොහෙද යන්න යන්න හදන්නේ?" "ඔම්මා මට කිය කිය ඉන්න වෙලාවක් නෑ." "ටේයුන්. ඔයා මොකක්ද කරේ කියනවා?" ඔම්මා හයියෙන් කෑ ගහද්දි මම ඉස්සරහා දොර ඇරගෙනම ඔම්මා දිහා හැරිලා බැලුවේ මම ඔම්මට කියන්න ඕනේ මොකක්ද කියලා හිතාගන්න බැරි උන නිසා. ලොකු...