තේහ්යොන්ග් චිම්ස් කිචන් එකේ වැඩ කරන අතරේ එයා ජනේලය ලගට ඇවිල්ලා ලොකු සුසුමක් පාත දැම්මේ අද දවසම පිස්සුවෙන් වගේ මහන්සි උනා නේද කියලා මතක් කරන ගමන්. හෙට ඉදන් සති අන්තය ලන් වෙන නිසාද කොහෙද අද රෙස්ටෝරන්ට් එකට ආපු අය වැඩි උනා. ඒ වගේම තේහ්යොන්ග්ට තිබ්බ වැඩ කොටසත් ගොඩක් වැඩි වෙලා තිබ්බේ.ජනේලේ ලග ඉදන් කෑම මේස දිහා බලාගෙන ඉන්න අතරේ කොහෙන්දෝ ආව අත් දෙකක් තමන්ගේ ඉණ වටේ පැටලෙනකොට තේහ්යොන්ග් ගැස්සිලා පිටිපස්ස බැලුවා. ඒත් ජනේලෙන් එලියේ ඉදන් තමන්ගේ ඉණ වටේ අත දාලා තියෙන්නේ ජන්ග්කුක් කියලා දැක්කම තේහ්යොන් ලොකු හිනාවකුත් එක්ක ජන්ග්කුක්ගේ තොල් වලට පොඩි හාදුවක් දුන්නා. ඉස්සර ජන්ග්කුක්ගේ මූණ බලල කතා කරේ නැති තේහ්යොන්ග් දැන් ජන්ග්කුක් දැක්කම කිසිම පසුබෑමකින් තොරව එයාගේ තොල් වලට බර උනා.
තේහ්යොන්ග් ජන්ග්කුක්ගේ බෙල්ලේ එල්ලිලා ජන්ග්කුක්ව සිප ගන්නකොට ජන්ග්කුක් සිප ගැනීම නවත්තලා තේහ්යොන්ග්ට එයාගේ ඇස් වලින් රෙස්ටොරන්ට් එකේ ඇතුල පෙන්නුවා. ජන්ග්කුක්ගේ ඇස් කොහෙටද යොමු වෙලා තියෙන්නේ කියලා බලනකොට තේහ්යොන්ග් දැක්කේ කස්ටමර් කෙනෙක් එක්ක වාඩි වෙලා කතා කරනගමන් තමන් දිහා ජිමින් බලන් හිටපු හැටි.
ජිමින්ගේ බැල්ම ගාණකට ගත්තේ නැති තේහ්යොන්ග් ආයිමත් ජන්ග්කුක්ගේ බෙල්ලේ එල්ලිලා එයාගේ තොල් වලට බර උනා. මුදු හාදුව වේගවත් වෙනකොට ජන්ග්කුක් ආයි තේහ්යොන්ගෙන් ඈත් උනේ තව ටික වෙලාවක් හිටියොත් එයාට එයාලව පාලනයෙන් මිදිලා යනවා කියලා දැනුන හන්දා.
"තේවූ"
"ම්ම්?"
"මට ඔයාගේ වැඩ පාඩු කරන්න ඕනේ නෑ. මම නිකන් මතක් උන හන්දා බලලා යන්න ආවේ."
තේවූගෙන් උත්තරයක් බලාපොරොත්තු උනත් ජන්ග්කුක්ට ඒ වෙනුවට හම්බුනේ පෙරලා සිප ගැනිමක් විතරයි.
"ජිමින් ඔයාව අස් කරලා දාන්න කලින් මම යන්නම්. හවසට හම්බෙමු."
අවසන් පාරටත් තේවූගේ තොල් වලට පෙක් එකක් දුන්න ජන්ග්කුක් එතනින් යන්න ගියාම තේහ්යොන්ග් ජනේලෙන් ඇගෙන් බාගයක් එලියට දාලා ජන්ග්කුක්ට බායි කිව්වා. තේවූට බායි කිය කිය ජන්ග්කුක් ආපස්සට ගිහින් ජිමින්ගේ රෙස්ටෝරන්ට් එකට ආව කස්ටමර් කෙනෙක්ගේ ඇගේ වැදුනට පස්සේ තේහ්යොන්ග් හයියෙන් හිනා වෙලා ඇතුලට ආවා.
YOU ARE READING
Safe Haven | Tae × Kook | Completed
Fanfiction"ටේයුන්. ඇයි මේ? ඔයා කොහෙද යන්න යන්න හදන්නේ?" "ඔම්මා මට කිය කිය ඉන්න වෙලාවක් නෑ." "ටේයුන්. ඔයා මොකක්ද කරේ කියනවා?" ඔම්මා හයියෙන් කෑ ගහද්දි මම ඉස්සරහා දොර ඇරගෙනම ඔම්මා දිහා හැරිලා බැලුවේ මම ඔම්මට කියන්න ඕනේ මොකක්ද කියලා හිතාගන්න බැරි උන නිසා. ලොකු...