Last Chapter

432 82 9
                                    

තේහ්‍යොන්ග් හෝසොක්ව අඩි දෙක තුනක් ඉස්සරහට අරන්  යද්දි හෝසොක් ආයි තේහ්‍යොන්ග්ව සිප ගන්න පටන් ගත්තා. තේහ්‍යොන්ග් හෝසොක්ව තල්ලු කරත් තල්ලු කරාට වඩා වේගෙන් එයාව හෝසොක් එයා ළගට ඇදලා ගත්තා.

"උඹට බෑ මාව තල්ලු කරන්න තේහ්‍යොන්-"

ඒක කියලා ඉවර වෙන්න කලින් තේහ්‍යොන්ග් හෝසොක්ව ආයි පාරක් තල්ලු කරාම හොදටම වෙරි මතින් හිටපු හෝසොක් තේහ්‍යොන්ග්ගේ පොඩි පහරටත් පණ නැතුව පස්සෙන් පස්සට ගියා. ඒත් එක්කම කකුල පැටලිලා හෝසොක් පාලම උඩට වැටෙනකොට හෝසොක්ගේ කටෙන් නරක වචන ගොඩක් පිට උනා. තේහ්‍යොන්ග් ඒ කිසි දෙයක් ගණන් ගන්නේ නැතුව හැගීමක් නැති විදිහට හෝසොක් දිහා බලන් ඉන්නකොට තේහ්‍යොන්ග් දැක්කා හෝසොක් නැගිටින්න ගිහින් එයාගේ කකුල පැටලිලා පාලමෙන් එහා පැත්තට වැටෙනවා.

"තේතේ..."

පිටිපස්සෙන් සූගේ කටහඩ ඇහුන ගමන් තේහ්‍යොන්ග් පිටිපස්ස හැරුනේ සූ ව අරගෙන යුන්ගි පා ළගට යනවා කියලා හිතාගෙන උනත් එයාට මීටර් ගාණක් පිටිපස්සෙන් තිබ්බ සූ හිටපු ගොඩනැගිල්ල ගිණි ජාලා වලින් වැහිලා තියනවා දැක්කම තේහ්‍යොන්ග්ගේ කකුල් පණ නැති උනා. එයා ඉක්මනට ඇතුලට දුවලා යන්න හැදුවත් ලී වලින් හදලා තිබ්බ කඩය ඉක්මනින් ගින්නට අහු වෙලා තිබ්බ හන්දා එයාට ඇතුලට යන්න විදිහක් තිබ්බේ නෑ.

'සූ. ඔහොම ඉන්න මම එනවා. තේතේ එනවා."

බිම ඉදන් කරන්න දෙයක් හිතාගන බැරුව තේහ්‍යොග් එහාට මෙහාට ඇවිද ඇවිද සූව සන්සුන් කරන්න හැදුවා. ඒත් කලබල තේහ්‍යොන්ග්ට තව කෙනෙක් සන්සුන් කරන්න පුලුවන්කමක් තිබ්බේ නෑ. එයා එළියේ තිබ්බ වතුර බාල්දියක් ඇදලා අරන් ඒක ගෙදරට ගැහුවත් ඒකට බැරි උනා එක ගිණි දැල්ලක්වත් නවත්තන්න.

කාගේ හරි උදව්වක් ගන්න ඕනේ කියලා හිතාගෙන තේහ්‍යොන්ග් අනිත් පැත්ත හැරෙන්න හදනකොටම එයාගේ බෙල්ල දැඩි ග්‍රහණයකට අසු උනා. එයාගේ නහයට එන මත්පැන් සුවද ඒ හොසෝක් කියලා අනුමාන කරත් පිටිපස්සෙන් ඉන්න කෙනාගේ තෙත් සිරුර තමන්ගේ ඇගට තද වෙනවා කියලා දැනුනම ඒ හෝසොක්ම තමයි කියලා තේහ්‍යොන්ග්ට ස්තීර උනා.

Safe Haven  |  Tae × Kook  |  Completed Where stories live. Discover now