Epilogue

672 113 56
                                    

සූව වඩාගෙන හිටපු ජන්ග්කුක් දැක්කේ තේහ්‍යොන්ග්ගේ ඇග උඩ හිටපු හෝසොක්ව. තේහ්‍යොන්ග් ඇස් ඇරගෙන හිටියත් එයාගේ මූණේ ලොකු බයක් තියනකොට ජන්ග්කුක්ට තේරුනා වෙඩි වැදිලා තියෙන්නේ තේහ්‍යොන්ග්ට නෙවේ හෝසොක්ට කියලා. තේහ්‍යොන්ග් එයාගේ ඇග උඩ හිටපු හෝසොක්ව තල්ලු කරලා කකුල් දෙකෙන් හිටගත්තට පස්සේ එයා දැක්කේ බිම උඩුබැලි අතට පෙරලිලා හිටපු හෝසොක්ව. නිකන් නෙවේ. වෙඩි පහරකුත් එක්ක.

හෝසොක්ගේ ඇගෙන් නොනවත්වා එන ලේ තේහ්‍යොන්ග්ව බය කරා. එයා ජන්ග්කුක් ලගට ගිහින් ජන්ග්කුක්ගේ අතින් අල්ලගෙන බයෙන් මුමුණද්දි ජන්ග්කුක් අනිත් අතින් තේහ්‍යොන්ග්ව බදාගෙන එයාගේ ඔලුව සිප ගත්තා.

"ම..ට... බ..ය..යි ජ..න්ග්..කුක්..."

"බය වෙන්න එපා. බය වෙන්න කිසි දෙයක් නෑ. ඔයාට බය වෙන්න කිසි දෙයක් නෑ."

'එ... එයා.... ම...ම... එයා...ව... මැ...රු...වේ... නෑ..."

"නෑ. ඔයා කිසි දෙයක් කරේ නෑ. ඔයා බය වෙන්නේ නැතුව ඉන්න. ඔයා කිසිම දෙයක් කරේ නෑ."

එක අතකින් සූව වඩාගෙන අනිත් අතින් ජන්ග්කුක් තේහ්‍යොන්ග්ව බදාගෙන ඉන්නකොට තේහ්‍යොන්ග් ජන්ග්කුක්ගේ ශර්ට් එක එයාගෙ ඇගිලි අතරේ ගුලි කරගෙන ජන්ග්කුක්ගේ පපුවේ ඔලුව තියාගෙන ඇඩුවා. පොඩි උනත් සූට එයා ඉස්සරහා වෙන දේවල් යම්තාක් දුරකට තේරුම් යනකොට සූ එයාගේ අතින් තේහ්‍යොන්ග්ගේ ඔලුව අත ගෑවා.

"තේහ්.. අහන්න පණ. ඔයා සූව ටිකකට ළග තියාගන්න."

"මා...ව දා...ලා ය..න්න එ...පා ජ..න්ග්කුක්."

"නෑ බබා. මම දාලා යන්නේ නෑ..සූව ලගින් තියාගෙන එක විනාඩියක් ඉන්න."

"ඒ...ත්... අහන්න තේහ්‍යොන්ග්. සූව එක විනාඩියකට ළග තියාගන්න."

සූව බලෙන්ම තේහ්‍යොන්ග්ගේ අතට දීලා ජන්ග්කුක් තේහ්‍යොන්ග්ගෙයි සූගෙයි දෙන්නාගෙම නළල සිප ගෙන එයාලා දිහා බල බලම හෝසොක් ළගට ගියා. තරහාකාරයෙක් උනත් හෝසොක්ට ප්‍රථමාධාර දෙන්න පුලුවන්ද කියලා බලන්න ජන්ග්කුක් හෝසොක්ගේ බෙල්ල මුලින් එයාගේ ඇගිලි තියනකොට ජන්ග්කුක්ට තේරුනා ඒ වෙද්දිත් හෝසොක් මැරිලා කියලා. ඒත් එයා එයාගේ ෆෝන් එක අරන් සවුත්පෝට් ගිලන් ‍රථ සේවාවට කතා කරද්දි ගිණි නිවන සේවයේ වාහන ජන්ග්කුක්ගේ ගෙදර ගාවට ආවා.

Safe Haven  |  Tae × Kook  |  Completed Where stories live. Discover now