හවස ගෙදර ඇවිල්ලා තේහ්යොන් ඇදට වෙලා ගොඩක් වෙලාවක් අද දවසෙ උන දේවල් ගැන කල්පනා කර කර හිටියා. අවුරුදු ගාණකට පස්සේ එයා සතුටින් හිටියා කියලා අද දවස නම් කරන්න පුලුවන් නේද කියලා හිතෙද්දී තේහ්යොන් එයාගේ ජීවිතේ මේ ටික කාලෙට උන වෙනස්වීම් ගැන හිතන්න පටන් ගන්නකොට එයාටත් නොදැනිම එයාගේ ඇහෙන් කදුලක් වැටුනා.
හෝසෝක් එක්ක ගත කරපු ජීවිතේ වැඩි හරියක් තිබුනේ හෝසෝක්ට ගහන්න එපා කියලා වැද වැටුන දවසුයි, තනියම ගෙදරට වෙලා හිටපු දවසුයි විතරක් උන හන්දා ඒ කාලේ ඇතුලේ එයාට සතුට කියන දේ එක දවසක් හරි තිබ්බද කියන එක හරියටම කියන්න පුලුවන් උනේ නෑ. ඒත් අද ජන්ග්කුක් එක්ක ගත කරපු කාලය, සූබින් හන්සූ එක්ක ගත කරපු කාලය එයාගේ ජීවිතේ සතුටු හිතෙන දවසක් කරා කියලා එයාගෙ හිතේ ලොකු විශ්වාසයක් තිබ්බා.
පහුගිය ජීවිතේ ගැන හිතලා කරගත්තේ ලොකු වරදක් කියලා තේහ්යොන්ට හිතුනේ දැන් එයාට වෙන කිසිම දේකට අවදානේ දෙන්න බෑ කියලා දැනුන හන්දා. ඇදන් හිටපු කොට කලිසම උඩින්ම ටී ශර්ට් එකක් දාගත්ත තේහ්යොන් ගෙදරින් එළියට ආවේ ජිමින්ගේ ආරාධනේ තාමත් වලංගු ඇති කියලා හිතන ගමන්.
ජන්ග්කුක් දුන්න බයිසිකලය අරගෙන ඒක පැදගෙන යන්න හදද්දිම ඈත පාරේ ජින් එනවා දැකලා තේහ්යොන් ආයී බයිසිකලය බිත්තියට හේත්තු කරා. තේහ්යොන් ජින් දිහාට ඇවිදගෙන යද්දි ජින් තේහ්යොන්ට අත වැනුවා.
"ඔයා ටවුන් එකට යනවද?"
"ඔව්. ජිමින් කතා කරා මාලු අල්ලන්න. පොඩ්ඩක් එහෙට ගිහින් බලනවා. ඔයාත් මාලු අල්ලන්න එනවද"
"නෑ. මට ටවුන් එකේ වෙන පොඩි වැඩක් තියනවා."
තේහ්යොන් එක්ක කතා කර කර ජින් ටවුන් එක පැත්තට යනකොට තේහ්යොන්ගේ මෙච්චර කාලෙකට හිතේ තිබ්බ ජින් ගැන නරක හැගීම අයින් වෙලා ගියා. තමන් කවුද කියන එක හරියටම ජින්ට කිවුවේ නැති උනත් තේහ්යොන්ගේ හිතේ තියන අවංක අදහස් එයාගේ කටින් ජින්ට කියවුනා. ජින් ඒ හැමදේම අහගෙන හිටියත් එයා ඕනෙවට වඩා තේහ්යොන්ගේ ජිවීත කතාවට ඇගිලි ගහන්න ගියේ නෑ.
YOU ARE READING
Safe Haven | Tae × Kook | Completed
Fanfiction"ටේයුන්. ඇයි මේ? ඔයා කොහෙද යන්න යන්න හදන්නේ?" "ඔම්මා මට කිය කිය ඉන්න වෙලාවක් නෑ." "ටේයුන්. ඔයා මොකක්ද කරේ කියනවා?" ඔම්මා හයියෙන් කෑ ගහද්දි මම ඉස්සරහා දොර ඇරගෙනම ඔම්මා දිහා හැරිලා බැලුවේ මම ඔම්මට කියන්න ඕනේ මොකක්ද කියලා හිතාගන්න බැරි උන නිසා. ලොකු...