තේවූ ජන්ග්කුක්ගෙන් ඈත් උනාට පස්සේ ජන්ග්කුක් එයාගේ එලිය වැටිලා තියන මූණට අත තියලා කවුද එලියේ ඉන්නේ කියලා බැලුවා. ඒත් ඒ එයා හිතපු කෙනාම කියලා ජන්ග්කුක් තේරුම් ගත්තට පස්සේ එයා තේවුගේ අත අල්ලන්න ගියත් සුදුමැලි උන තේවුව දැකලා එයා බයෙන් ඉන්නේ කියලා තේරුම් ගත්තා.
"බය වෙන්න එපා. ඒ නම්ජුන් හ්‍යොන්ග්."
තේවූගේ අතින් අල්ලගෙන ජන්ග්කුක් ඉස්සරහට යන්න හැදුවත් තේවූ එන්නේ නෑ කියලා දැනෙද්දි ජන්ග්කුක් ආයි පිටිපස්ස හැරුනා. තේවූගේ අනිත් අතත් ගත්ත ජන්ග්කුක් ආයි බය වෙන්න එපා කියලා කියද්දි තේවූ පොඩ්ඩක් ඔලුව වැනුවත් එයාගේ මූණේ බය අඩු උනේ නෑ.
"හ්‍යොන්ග් මේ ඉන්නේ තේවූ. තේවූ මේ නම්ජුන් හ්‍යොන්ග්. එයා තමයි අපේ පොලිස් ස්ටේශන් එකේ ඉන්ස්පෙක්ටර්."
තේවූ මොකුත් නොකියා ජන්ග්කුක්ගේ අතේ එල්ලිලා ඉන්නකොට ජන්ග්කුක් නම්ජුන්ට අතින් පෙන්නුවා එයා පිටිපස්සෙන් වාඩි වෙන්නම් කියලා. තේවූට දොර ඇරලා දුන්න ජන්ග්කුක් තේවූ වාඩි උනාට පස්සේ එයත් වාඩි උනා.
"මේ පාර වහී කියලා හිතෙන්නේ නැද්ද හ්‍යොන්ග්?"
"වැස්සත් නැතත් අපි මේක කරන්න ඕනේ ජන්ග්කුකාහ්. මේ රටේ වෙන කිසිම තැනක මේ වගේ ෆෙස්ටිවල් එකක් නෑ. ඒක හන්දා අපි මේක ගිය පාරටත් වඩා ලොකුවට කරන්න ඕනේ."
"ඒත් හ්‍යොන්ග් වැස්සට ගිණි කෙළි තෙමුනොත්.."
"මම මතක ඇති කාලේ ඉදන් කවදාවත් ගිණිකෙලි නැති ෆෙස්ටිවල් එකක් තියලා නෑ. අපිට මේක කරන්නම වෙනවා කොහොම හරි. ඔයා හෙට දිහාට ආවොත් මට ගිණිකෙලි ගන්න ඔයාට පර්මිට් එක දෙන්න පුලුවන්."
"මම එන්නම් හ්‍යොන්ග්."
ජන්ග්කුක් නම්ජුන් එක්ක කතා කරන අතරේ තේවූගේ අත අල්ලගෙන හිටියේ තේවූගේ අත් දෙකම ලාවට වෙව්ලනවා කියලා තේරුන හන්දා. ඒ අත් වෙව්ලන්නේ වැස්සට තෙමුන හන්දා කියලා ජන්ග්කුක්ට හිතුවත් එයා කීයටවත් හිතුවේ නෑ ඒ අත් වෙව්ලුවේ පොලීසියෙන් ආව බයට කියලා. තේවූගේ ගෙදර ලගට ගියාට පස්සේ නම්ජුන් ඇවිල්ලා දොර ඇරියේ ඒ දොරවල් එලියෙන් විතරක් අරින්න පුලුවන් උන නිසා.
YOU ARE READING
Safe Haven | Tae × Kook | Completed
Fanfiction"ටේයුන්. ඇයි මේ? ඔයා කොහෙද යන්න යන්න හදන්නේ?" "ඔම්මා මට කිය කිය ඉන්න වෙලාවක් නෑ." "ටේයුන්. ඔයා මොකක්ද කරේ කියනවා?" ඔම්මා හයියෙන් කෑ ගහද්දි මම ඉස්සරහා දොර ඇරගෙනම ඔම්මා දිහා හැරිලා බැලුවේ මම ඔම්මට කියන්න ඕනේ මොකක්ද කියලා හිතාගන්න බැරි උන නිසා. ලොකු...