Jungkook's POV
දවස් ගෙවිලා ගියේ හරිම ලස්සනට. ලස්සනට කියන්නේ මට හිතන්නවත් බැරි තරම් ලස්සනට හැමදේම සිද්ද උනා. ඒ හැමදේකම කොටසක් ටේවූට හම්බෙනවා කියලා මගේ හිත මට මතක් කරලා දෙනකොට මගේ හිතට අමුතු සතුටක් ආවා.
ටේවූ.
බයිසිකල් එකේ ප්‍රශ්නෙන් පස්සෙව් මට ආයේ කවදාවත් එයා එක්ක ඉන්න හම්බෙන්නේ නැතිවෙයි කියලා හිතුවට අන්තිමට ටේවූ හැමදාම ශොප් එකට එක එක දේවල් ගන්න ආවා. හැමදාම වගේ එයා ඇවිල්ලා සමහර දවස් වල ගිණි පෙට්ටියක් , පොප් කෝන් පැකට් එකක්, ඉටිපන්දමක් වගේ පොඩි දෙයක් හරි ගන්න හේතුවක් හදාගෙන එයා ශොප් එකට එනකොට එයා එන වෙලාව බලලා මම යුන්ගි පාව ශොප් එකේ වැඩ වලින් නිදහස් කෙරෙව්වා.
යුන්ගි පා මම ගැන ඕනැවටත් වඩා දන්නකොට මම දැනගෙන හිටියා මම කරන දේ එයාට තේරෙනවා කියලා. පස්සේ පස්සේ යුන්ගි පා හැමදාම හවස හතර වෙද්දි මට ශොප් එක දීලා එලියට ගියා. ඒ වගේ වෙලාවට හතරට ගිනි පෙට්ටියක් ගන්න ශොප් එකට ආව ටේවූ පහ විතර වෙනකන් මාත් එක්ක කතා කර කර ඉදලා ගෙදර යන්න ගියා.
අද ටේවූට ජිමින්ගේ රෙස්ටෝරන්ට් එකේ නිවාඩු නිසා එයා අද ශොප් එකට එන්නේ නෑ කියන විශ්වාසේ මගේ හිතේ තිබ්බා. සමර් එකත් නිසා පොඩි දෙන්නා එක්ක අද බීච් එකට යන්න ඉන්න ලෑස්ති වෙන අතරේ මම යුන්ගි පා ට ඕනේ කිව්ව බඩු ටික කාමරෙන් ගිහින් තිබ්බා.
"මම හවස් වෙනකන් ශොප් එක බලාගන්නම් ජන්ග්කුක්. ඔයා ලමයි එක්ක අද දවසම ඉන්න. සූබින් මේ දවස් වල අප්පා ගැන ගොඩක් හිත හිත ඉන්නවා. පුලුවන් නම් ඒ ලමයව ටිකජ් සතුටින් තියන්න බලන්න."
"මම ට්‍රයි කරන්නම් යුන්ගි පා."
"ට්‍රයි කරන්නම් නෙවෙයි ජන්ග්කුක්. ඔයා ඒක කරන්න ඕනේ. "
"ඒත් යුන්ගිපා ඔයා දන්නවා සූබින්ගේ හැටි."
"ඒත් ඔයා සූබින්ගේ පපා. "
"ඔව්. ඒත් එයා මට චාන්ස් එකක් දෙන්නේ නැත්තන්-.."
මට ඉතුරු ටික කියන්න ඕනේ උනත් යුන්ගි පා දඩස් ගාලා දොර වැහුවා. යුන්ගි පා කියන්නේ ඇත්තටම ජගියාගේ පපාද කියලා හිතන්න බැරි තරමට යුන්ගි පා යි ජගියයි වෙනස් උනා. ජගියා මේ ලෝකේ ඉන්න අහිංසකම , ආදරවන්තම කෙනා වෙනකොට මම යුන්ගි පා තරම් සේවේජ් මනුස්සයෙක් දැකලා තිබ්බෙ නැති උනා.
YOU ARE READING
Safe Haven | Tae × Kook | Completed
Fanfiction"ටේයුන්. ඇයි මේ? ඔයා කොහෙද යන්න යන්න හදන්නේ?" "ඔම්මා මට කිය කිය ඉන්න වෙලාවක් නෑ." "ටේයුන්. ඔයා මොකක්ද කරේ කියනවා?" ඔම්මා හයියෙන් කෑ ගහද්දි මම ඉස්සරහා දොර ඇරගෙනම ඔම්මා දිහා හැරිලා බැලුවේ මම ඔම්මට කියන්න ඕනේ මොකක්ද කියලා හිතාගන්න බැරි උන නිසා. ලොකු...