හවස වැඩ කරලා ඉවර වෙනවත් එක්කම තේහ්‍යොන්ග් චන්‍යොල් එක්ක උදව්වෙන් රෙස්ටෝරන්ට් එක වහලා දැම්මා. චන්‍යොල් අතේම ජිමින්ට යතුර යවලා තේහ්‍යොන්ග් එයාගේ ඒප්‍රන් එක ගලවන්න හදනකොටම පිටිපස්සෙන් එයාගේ නම ඇහුනම එයා හැරිලා බැලුවා.
"තේහ්‍යොන්ග්?"
කැරොලයිනා ප්‍රාන්තේට ආව දවසෙ ඉදන්ම කිම් තේවූ කියලා නම හදාගත්ත තේහ්‍යොන්ග් හිතුවේ නෑ එයාගේ නම අනිත් අය දැනගනී කියලා. දැනගත්තත් මෙච්චර ඉක්මනට දැනගනී කියලා. හැමදේටම වඩා නරක දේ උනේ ඒ දේ මුලින්ම දැනගෙන තියෙන්නේ තේහ්‍යොන්ග්ට කවදාවත් දැනගන්න දෙන්න ඕනේ නැති උන එක්කෙනා.
"එහෙනම් ඒක හරි."
"ජන්ග්කුක්-"
"වචනයක් කතා කරන්න එපා තේවූ- නෑ තේහ්‍යොන්ග්. මොකක්ද මේකේ තේරුම?"
සාක්කුවෙන් ගත්ත පෝස්ටර් එක තේහ්‍යොන්ග්ගේ මූණට දික් කරාම තේහ්‍යොන්ග් ඉස්සරහට ඇවිල්ලා ඒක ගත්තා. මිනි මැරුමකට සැකකරු කියලා තමන්ගේ නම එක්ක තමන්ගේ පින්තූරයක් දකිනකොට තේහ්‍යොන්ග්ගේ මූණ සුදුමැලි වෙලා ගියේ එහෙම දෙයක් එයා කරේ නැති නිසා.
"ඔයා කාවද මැරුවේ?"
"ඔයා වැරදියට හිතන් ඉන්නේ. ඔයා හිතන විදිහට නෙවේ උනේ. එහෙම.. එහෙම දෙයක් උනේ නෑ ජන්ග්-"
"එහෙනම් මම කොහොමද හිතන්න ඕනේ තේව්-තේහ්‍යොන්ග්? මේකේ ඔයාගේ පින්තූරේ එක්කම දාලා තියනවා ඔයා මිනී මැරුමකට සැකකරු කියලා?"
තේහ්‍යොන්ග්ට කිසි දෙයක් කියාගන්න බැරි වෙනකොට එයා එයාගේ අතේ තියන කොළය දිහා ආයි බැලුවා. මේ හැමදේම හෝසොක්ගේ වැඩ කියලා එයාට තේරුනත් මේ වෙලාවේ එයාගේ ඔලුවට ඊට වඩා ප්‍රශ්නයක් තිබ්බා.
"ඔයාගේ නම තේහ්‍යොන්ග්ද?"
කොළේට යොමු වෙලා තිබ්බ ඇස් ජන්ග්කුක් දිහාට යොමු කරපු තේහ්‍යොන්ග්ට ඊලගට කරන්න ඕනේ දේ හිතාගන්න බැරි උනා. ජන්ග්කුක් තමන් දිහා බලාගෙන ඉන්නේ එයා අහපු ප්‍රශ්නෙකට උත්තර දෙනකන් කියලා තේහ්‍යොන්ග් දැනගෙන හිටියත් එයාට ඒ වෙනුවෙන් කිසිදෙයක් කියන්න පුලුවන් උනේ නෑ. ඒත් තේහ්‍යොන්ග් ඔලුව වනද්දි ජන්ග්කුක් අත් දෙකම එයාගේ ඔලුවට තියාගෙන අනිත් පැත්ත හැරුනේ තේහ්‍යොන්ග් ඒක නෑ කියලා එයාට කියයි කියලා එයාගේ හිතේ පුංචි බලාපොරොත්තුවක් තිබුන හන්දා.
YOU ARE READING
Safe Haven | Tae × Kook | Completed
Fanfiction"ටේයුන්. ඇයි මේ? ඔයා කොහෙද යන්න යන්න හදන්නේ?" "ඔම්මා මට කිය කිය ඉන්න වෙලාවක් නෑ." "ටේයුන්. ඔයා මොකක්ද කරේ කියනවා?" ඔම්මා හයියෙන් කෑ ගහද්දි මම ඉස්සරහා දොර ඇරගෙනම ඔම්මා දිහා හැරිලා බැලුවේ මම ඔම්මට කියන්න ඕනේ මොකක්ද කියලා හිතාගන්න බැරි උන නිසා. ලොකු...