2nd update for the day! Happy reading!
Jungkook's POVටේවූ ඇදුම් අරන් ආවට පස්සේ අපි කෙලින්ම බීච් එකට ආවා. වෙනදට වඩා ටිකක් සෙනග වැඩියි කියලා මට හිතුනත් ඒක මට එච්චර ගාණක් උනේ නෑ. හැමෝගෙම උදව්වෙන් මම අපිට ඕනේ බඩු ටික ගෙනල්ලා බීච් එකෙන් තිබ්බා. පික්නික් බකට් එක සූ අමාරුවෙන් උස්සන් එනකොට මම සූ ව වඩාගෙන ඇවිල්ලා පුටු ටික හරියට හදන ටේවූ ලගින් තිබ්බා. සූබින් තනියම එයාගේ බඩු ටික විතරක් ගෙනත් දාලා වෙරලට ගිහින් රල එක්ක සෙල්ල්ම් කරා.
ටේවූ මම හිතුවට වඩා ලන් වෙලා අපිත් එක්ක සෙල්ලම් කරනකොට මගේ හිතට අමුතු සතුටක් ආවා. මම හැමෝගෙම ෆොටෝ එකක් ගන්න කතා කරත් සූබින් මගේ ලගින් යන්න යනකොට මම එතන හිටපු හන්සූගේ ෆොටෝස් ගත්තා. ටේවූ ටිකක් ඈතට වෙලා හන්සූගේ ෆොටෝ එකට ඉඩ දෙනකොට මම එයාටත් ෆොටෝ එක ගන්න එන්න කිව්වම එයා ඇවිල්ලා හන්සූ ලගින් දණ ගහත්තා. පලවෙනි ෆොටෝ එක එහෙම උනාට ඊට පස්සේ ටේවූ හන්සූව වඩාගෙන ගත්ත ෆොටෝස් ගොඩක් ලස්සන උනා. මට ආයේමත් ජගියාව මතක් වෙනකොට මම සූබින්ට ෆොටෝස් ගන්න එන්න කිව්වත් එයා අපි ලගට ආවේවත් නෑ.
ටික වෙලාවක් ගියාට පස්සේ මමත් ශර්ට් එක ගලවලා දාලා සූ එක්ක රල ඇතුලට වෙන්න ගියා. සූගෙ ඉණ මට්ටමට වතුර එන්න ආවට පස්සේ මම එයාව වඩාගෙන තව තවත් ගැබුරට යනකොට ටේවූ මගෙයි සූගෙයි ෆොටෝස් ගත්තා. මම සූව මගේ කරට ගත්තට පස්සේ ටේවූ තව තවත් අපේ ෆොටෝස් ගත්තා.
මම සූව අරගෙන ම සූබින් ලගට යන්න ගියත් සූබින් මම එනවා දැකලා තව තවත් එහාට ගියා. සූබින්ට තනියම ඉන්න දෙන්න ඕනේ කියලා හිතාගෙන මම ආයේ අනිත් පැත්ත හැරෙනකොටම මගෙ පිටිපස්සේ හිටගෙන හිටපු ටේවූ දැක්කම මම පුදුම උනා. එයත් එයාගේ සමර් ශර්ට් එක අයින් කරලා මගේ දිහා බලාගෙන ඉන්නකොට මගේ ඇස් එයාව කන්න වගේ බලනකොට මම හිතින් මටම බැනගත්තා මාව පාලනය කරගන්න කියලා. ඒත් ඒක කරන්න අමාරු වැඩක් වෙනකොට මම හෙමින් සූව අරගෙන වතුරෙන් එලියට ආවේ මගෙ අතින් වෙන්න ඕනේ නැති දේවල් වෙලා අන්තිමට මට මේ විදිහටවත් ටේවූව බලන්න බැරි වෙයි කියලා බයකුත් එක්ක.
"පපා මේක කාස්ල් එකක්."
සූ එයාගේ වැලි මාලිගාවක් හදලා මට ඒක කාස්ල් එකක් කියලා පෙන්නුවත් මට ඒක පෙනුනේ වැල්ලේ හදපු කාණුවක් වගේ විතරයි. ඒත් සූගේ හිත හදන්න ඕනේ හන්දා මම ඒක ලස්සනයි කියලා සූබින් දිහා බලනකොට මම දැක්කා ටේවූ සූබින් ලගට වෙලා එයා එක්ක මොනවදෝ කතා කර කර හිටියා.
YOU ARE READING
Safe Haven | Tae × Kook | Completed
Fanfiction"ටේයුන්. ඇයි මේ? ඔයා කොහෙද යන්න යන්න හදන්නේ?" "ඔම්මා මට කිය කිය ඉන්න වෙලාවක් නෑ." "ටේයුන්. ඔයා මොකක්ද කරේ කියනවා?" ඔම්මා හයියෙන් කෑ ගහද්දි මම ඉස්සරහා දොර ඇරගෙනම ඔම්මා දිහා හැරිලා බැලුවේ මම ඔම්මට කියන්න ඕනේ මොකක්ද කියලා හිතාගන්න බැරි උන නිසා. ලොකු...