පහු ගිය සති කීපය පුරාවට හෝසෝක් තේහ්යොන්ග් ගැන හෙව්වේ නැති තැනක් නෑ. තේහ්යොන්ග් මිනි මැරුමක් කරා කියලා හැම පොලිස් ස්ටේශන් එකකටම යවපු හෝසොක් මොන පොලිස් ස්ටේශන් එකකින් හරි තමන්ට පණිවිඩයක් එනකන් බලන් හිටියා. ඒත් අද දවසත් ඒ වගේම පණ්විඩයක් නැතුව යන දවසක් කියලා තේරුම් යද්දි හෝසොක් එයාගේ ශීට් එකෙන් නැගිට්ටේ ගෙදර යන්න බලාගෙන.
"ගෙදර යනවද?"
තමන් එක්ක වැඩ කරන මනුස්සයට උත්තරයක් දෙන්නේ නැතුව හෝසොක් කෙලින්ම එයාගේ කාර් එකට ගියේ එයාගේ ඔලුව තේහ්යොන්ග් ගැන විස පුරවගන්න ගමන්. පොලිස් නිළදාරියෙක් උනත් වේගෙන් පාරට තමන්ගේ වාහනේ දාපු හෝසොක් මාර්ග නීතීත් කඩන ගමන් වේගෙන් ඉස්සරහට ඇදුනේ එයාගේ ඔලුවේ මේ වෙලාවෙව් වෛරෙන් පිරිලා තිබ්බ හන්දා.
කෙලින්ම ගෙදරට යනවා වෙනුවට හෝසොක් පාරක් පාරක් ගානේ වාහනෙන් කැරකි කැරකි හිටියේ කොහේ හරි තැනකින් තේහ්යොන් ගැන විස්තරක් හම්බෙයි කියලා හිතාගෙන. වාහනේ ගෑස් කෝට එක පොලිස් ඩිපාර්ට්ම්නට් එකෙන් ගෙවන හන්දා හෝසොක්ට ඒ ගැන හිතන්න වද වෙන්න උනේ නෑ.
වාහනේ නවත්තගෙන ටික වෙලාවක් පාරේ එහාට මෙහාට යන මිනිස්සු දිහා බලාගෙන හිටපු හෝසොක් පාර ඉස්සරහින් ගිය වයසක ජෝඩුව දිහා හොදින් බැලුවේ ඒ දෙන්නම හොදට දැකලා පුරුදු දෙන්නෙක් නිසා. කවුද කියලා මතකෙට ආවේ නැති උනත් ඒ අය වැදගත් කට්ටියක් කියලා හෝසොක්ගේ හිතට දැනෙනකොට හෝසොක් එයාගේ මතක හාරවුස්සලා එයාලා ගැන කල්පනා කරා.
තේහ්යොන්ගේ පේරන්ට්ස්ලා...
වයසක ජෝඩුව පාර්ක් කරලා තිබ්බ කාර් එකට නැග්ගා දැක්කම හෝසොක් එයාලට නොදැනෙන්න එයාලව ෆලෝ කරා. බෝස්ටන් වල ඇතුල් පාරකට වෙන්න ඒ කාර් එක නවත්තනකොට් හෝසොක් පාර කෙලවරේ ඉදන් ඒ දිහා බලන් හිටියේ එයාගේ සැකය හරිද කියලා අදුරගන්න අපේක්ශාවෙන්. ඒත් ආයි කාර් එකෙන් බැහැපු ගෑණු කෙනා තේහ්යොන්ග්ගේ ඔම්මා කියලා හෝසොක්ට ලොකු විශ්වාසයක් තිබ්බා.
තමුන්ගේ ඔම්මාලා මෙහෙට මූව් උනා කියලා තමුන් මට කිව්වේත් නෑ තේහ්යොන්ග්. තමුසේ මට නොකියන තව කොච්චර දේවල් තියනවද?
YOU ARE READING
Safe Haven | Tae × Kook | Completed
Fanfiction"ටේයුන්. ඇයි මේ? ඔයා කොහෙද යන්න යන්න හදන්නේ?" "ඔම්මා මට කිය කිය ඉන්න වෙලාවක් නෑ." "ටේයුන්. ඔයා මොකක්ද කරේ කියනවා?" ඔම්මා හයියෙන් කෑ ගහද්දි මම ඉස්සරහා දොර ඇරගෙනම ඔම්මා දිහා හැරිලා බැලුවේ මම ඔම්මට කියන්න ඕනේ මොකක්ද කියලා හිතාගන්න බැරි උන නිසා. ලොකු...