දවස තිස්සෙම ගෙදරට වෙලා වොඩ්කා බෝතල් කිහිපයක්ම හිස් කරපු හෝසොක් රෑ 10 වෙද්දි අතේ තිබ්බ වොඩ්කා බෝතලේ බිත්‍තියට ගැහුවේ එයාගේ කේන්තිය එයාට පාලනේ කරගන්න බැරි උන හන්දා. වේගෙන් හුස්ම ගත්ත හෝසොක් එයාගේ කබඩ් එකේ දාලා තිබ්බ පිස්තෝලයත් අරගෙන කාර් එකේ පිටිපස්සට දාලා කාර් එක කෙලින්ම බෝස්ටන් වල තේහ්‍යොන්ග්ගේ දෙමාපියන්ගේ ගෙදරට අරන් ගියේ අද දවසේ හොදින් හෝ නරකින් තේහ්‍යොන්ග් ඉන්න තැන හොයාගන්නවා කියලා හිතාගෙන.
පිස්තෝලයත් අතේ තියාගෙන තේහ්‍යොන්ග්ගේ දෙමාපියන්ගේ ගෙදර ඉස්සරහට වෙලා හෝසොක් ඊලගට කරන්න ඕනේ දේ ගැන සැලසුම් කරා. පොලිස් බැජ් එකත් නැති හන්දා එයාට අවදානමක් ගන්න ඕනේ නැති උනත් එයාට තේහ්‍යොන්ග්ගෙන් පලි ගැනීමේ අදහස අත් ඇර ගන්න ඕනේ කමක් තිබ්බෙත් නෑ. රෑ එකොලහ වෙද්දි තේහ්‍යොන්ග්ගේ දෙමාපියන්ගේ ගෙදර ලයිට්ස් නිවෙනවා දැක්කම හෝසොක් එයාගේ අතේ තිබ්බ පිස්තෝලය එයාගේ ඉණේ ගහගත්තා.
වාහනේ දොර සද්ද නැතුව වහලා හෝසොක් හොර ගමනින් ගෙදර දිහාට ඇවිදගෙන ගියා. විශේශ කාර්යය පුහුණුව ලබපු හෝසොක්ට ඒ ගෙදර ජනේලෙකින් කාටවත් ඇහෙන්නේ නැති වෙන්න ගෙදර ඇතුලට පනින එක ලොකු අමාරුවක් උනේ නෑ. ඒත් හෝසොක්ට හිතාගන්න බැරි උනා කොහෙද එයා හැමදේම හොයන්න පටන් ගන්නේ කියලා.
ලියුම් තිබ්බ තැනට ගිහින් එතන පරණ ලියුම් ඇවිස්සුවත් හෝසොක්ට තේරුනා එතන එයා හොයපු දේ නෑ කියලා. පහළ ලාච්චුවේ තියනවද කියලා බලන්න ලාච්චුව අරින්න හදනකොටම ගෙදර ලයිට් එකක් පත්තු වෙන්න පටන් ගත්තම හෝසොක් ලාච්චුවත් ඇරලා දාලා එතනින් ඉක්මනට වෙන තැනකට මාරු වෙලා හැන්ගුනේ දොරක් ඇරගෙන මිස්ටර් කිම් එළියට එනවා දැකපු හන්දා.
මිස්ටර් කිම්ගේ අඩි සද්දේ ළගින් ඇහෙනකොට හෝසොක්ගේ හිත හයියෙන් ගැහෙන්න පටන් ගත්තත් එක්කම එයා එයාගේ ඉණේ තිබ්බ පිස්තෝලය අතට ගත්තා. අඩි සද්දේ තමන් ලගින්ම නැවතිලා මිස්ටර් කිම්ගේ කටහඩ ඇහෙද්දි හෝසොක් එයාගේ පිස්තෝලේ ඉස්සරහට දික් කරේ මිස්ටර් කිම් එයාව දැක්කොත් එයා අදුරගන්නත් කලින් එයාට වෙඩි තියනවා කියලා හිතාගෙන.
YOU ARE READING
Safe Haven | Tae × Kook | Completed
Fanfiction"ටේයුන්. ඇයි මේ? ඔයා කොහෙද යන්න යන්න හදන්නේ?" "ඔම්මා මට කිය කිය ඉන්න වෙලාවක් නෑ." "ටේයුන්. ඔයා මොකක්ද කරේ කියනවා?" ඔම්මා හයියෙන් කෑ ගහද්දි මම ඉස්සරහා දොර ඇරගෙනම ඔම්මා දිහා හැරිලා බැලුවේ මම ඔම්මට කියන්න ඕනේ මොකක්ද කියලා හිතාගන්න බැරි උන නිසා. ලොකු...