තේහ්‍යොන්ග් බය උනා. ඊටත් වඩා හොදයි තේහ්‍යොන්ග්ගේ බය වැඩි උනා කියලා කිව්වා නම්. ඒත් වැඩි වෙන්න බයක් තේහ්‍යොන්ග් ලග ඉතුරු වෙලා තිබ්බේ නෑ. හෝසොක් ඊළගට මොනවා කරයිද කියලා බයෙන් තේහ්‍යොන්ග් සූව හැම තැනම හොයන්න ගත්තේ එයාට එයාගේ ජීවිතේටත් වඩා සූගේ ජීවිතේ වටින හන්දා.
කඩය ඇතුලේ සූ නැති හන්දා තේහ්‍යොන්ග් උඩ තට්ටුවට නගින්න තියන සර්පිලාකාර පඩිපෙළ ලගට ගියේ සූ උඩ තට්ටුවේ හරි ඉන්නවද කියලා බලන්න. ඒත් සූ සමහර විට එලියට ගිහින් ඇති කියලා හිතුන ගමන් තේහ්‍යොන්ග් උඩට යන්නේ නැතුව ගෙදරින් එලියට ඇවිල්ලා එලියේ සූව හෙව්වා. හෝසොකුත් සවුත් පෝට් වල ඉන්නවා කියලා දැන දැනම එයාට මේ වගේ එළියේ ඇවිදින්න කිසිම ඕනේකමක් නැති උනත් සූ වෙනුවෙන් තේහ්‍යොන්ග්ට එලියට බහින්න උනා.
තේහ්‍යොන්ග් කඩය ඉස්සරහා යුන්ගි පා වාඩි වෙලා ඉන්න තැන් වල සූව හෙව්වා. තේහ්‍යොන්ග් කෑ ගැහුවත් මල් වෙඩි වල සද්දෙට ඒ කිසි දෙයක් ඇහෙන්නේ නැති උන හන්දා එයාය තේරුනා කෑ ගහන එක තව දුරටත් තේරුමක් ඇති දෙයක් නෙවේ කියලා. එලියේ ළග පාත නැති හන්දා තේහ්‍යොන්ග් ආයි ඇතුලේ බලනවා කියලා හිතලා ඇතුලට යන්න හදනකොට පාළම කෙලවරට වෙලා අහස බලාගෙන ඉන්න පොඩි ළමයෙක්ගේ ඡායාව දැක්කා.
"සූ..."
තේහ්‍යොන්ග් දුවගෙන ගිහින් සූව බදාගෙන එයාගේ ඔලුව සිප ගන්නකොට සූ හිතුවේ තේහ්‍යොන්ග් එයත් එක්ක සෙල්ලමට ඒක කරනවා කියලා..ඒත් තේහ්‍යොන්ගේ හිතේ තිබ්බ බර අඩු උන එක ගැන තේහ්‍යොන්ග් විතරක්ම දැනගෙන හිටියා.
"තනියම එළියට ආවේ ඇයි සූ?"
"මට ගිනිකෙලි බලන්න ඕනේ උනා."
"සූ අපි දැන් ඇතුලට යන්න ඕනේ."
"ඒත් මට ගිණි කෙලි බලන්න ඕනෙනේ."
"නෑ සූ. අපිට එලියේ ඉන්න බෑ. අපි ඇතුලට වෙලා බලමු."
"ඒත් තේ-"
"තේතේ ඔයාට ලස්සනට ගිණි කෙලි පේන තැනකට එක්කන් යන්නම්. ප්ලීස්. අපි ඇතුලට ගිහින් බලමු බබා."
සූ ආයිමත් ඇතුලට යන්න බෑ කිව්ව හන්දා තේහ්‍යොන්ග්ට සුව වඩාගෙන ඇතුලට බලෙන් යන්න උනා. සූව පාළම ලගින් අරගෙන කඩේට එන ටික වෙලාවටත් හරි බයකින් දෙපැත්ත බල බල තේහ්‍යොන්ග් කොයි ලෝකෙන් හරි හෝසොක් කඩන් පාත් වෙයිද කියලා බැලුවා. එයා අමාරුවේ දාගන්නේ එයාගේ ජිවිතේ විතරක් නෙවේ කියලා තේරුන ගමන්ම තේහ්‍යොන්ග්ගේ ඇස් වලින් කදුලු වැටෙන්න පටන් ගත්තෙ එයාගේ අසරණකම තව තවත් ගැඹුරු කරමින්.
YOU ARE READING
Safe Haven | Tae × Kook | Completed
Fanfiction"ටේයුන්. ඇයි මේ? ඔයා කොහෙද යන්න යන්න හදන්නේ?" "ඔම්මා මට කිය කිය ඉන්න වෙලාවක් නෑ." "ටේයුන්. ඔයා මොකක්ද කරේ කියනවා?" ඔම්මා හයියෙන් කෑ ගහද්දි මම ඉස්සරහා දොර ඇරගෙනම ඔම්මා දිහා හැරිලා බැලුවේ මම ඔම්මට කියන්න ඕනේ මොකක්ද කියලා හිතාගන්න බැරි උන නිසා. ලොකු...