හවස හත වෙනකන් හැමෝම සැනකෙළියේ විනෝද වෙලා අන්තිමට තම තමන්ගේ ගෙවල් වලට ගියේ දවසේ නිමාව සනිටුහන් කරමින්. උදේ ඉදන් විවිධාකාරේ කෑම බීම, වැඩ සටහන්, සංගීත සාද එක්ක නිදහස් දිනය ගෙව්ව සවුත්පෝට් වැසියෝ රෑ තියන ගිණි කෙලි සංදර්ශනය ගෙදර ඉදන් බලන්න බලාපොරොත්තුවෙන් ගෙවල් වලට ඇදුනා.
නගරේ හිටපු ගොඩක් අයගේ වැඩ ඉවර වෙලා තිබ්බත් ජන්ග්කුක්ගේ වැඩ පටන් ගන්න වෙලාව වෙලා තිබ්බේ ඒක. එයාගේ නම්ජූන් හ්‍යොන්ග් එයාට බාර දුන්න ගිණි කෙලි වල රාජකාරිය ඉවර වෙනකම් ජන්ග්කුක්ගේ හිතේ ලොකු බරක් පැටවිලා තිබ්බා. ඒ හන්දාමද මන්දා හවස් වෙද්දි ජන්ග්කුක් ඕනෑවටත් වඩා කලබල වෙලා හිටියා.
යුන්ගි පා හවස පහ වෙද්දි වැඩ ඉවර කරලා එයාලගේ ගෙදරට යනවා කියද්දි ජන්ග්කුක් සූ, සුබින් තේහ්‍යොන්ග්ව එයාගේ ශොප් එකට ගෙනාවේ ශොප් එක ලගට ගිනි කෙළි ලස්සනට පේන හන්දා. සූ විකාර කෑම ගොඩක් කාලා බඩේ අමාරුවක් හදාගෙන හිටපු හන්දා ජන්ග්කුක්ට පුලුවන්කමක් තිබ්බේ නෑ එයාවත් ගිණි කෙළි පත්තු කරන තැනට අරන් යන්න.
"සූ. ඔයාට ඉන්නම බැරි නම් තේතේට කියලා පපාට කෝල් කරන්න හරිද?"
"හරි පපා."
තේහ්. මගේ ෆෝන් නම්බර් එක මම ෆෝන් එක ගාව අලවලා යනවා. ඔයාට මොකක් හරි ඕනේ උනොත් මට කෝල් කරන්න. හරිද?
"හරි කුක්."
තේහ්‍යොන්ග් කාමරයේ ජනෙල් ඇරලා ලස්සනටම එළිය පේන තැන කර්ටන් එහාට කරලා හදද්දි ජන්ග්කුක් සූව එතන තිබ්බ කවුච් එකෙන් වාඩි කෙරෙව්වා. සූගේ ඔලුවට කොට්ටක් තියලා එයාටත් ගිණි කෙලි බලන්න හදලා දෙනකොට තේහ්‍යොන්ග් මේ දේවල් දිහා කාමරේ මැදට වෙලා බලාගෙන හිටියා.
"මම එහෙනම් ගිහින් එන්නම්."
"පපා-"
ජන්ග්කුක් යන්න හදනකොට සූබින් එයාට කතා කරද්දි ජන්ග්කුක්, සූ, තේහ්‍යොන්ග් දෙන්නම සූබින් දිහා පුදුම වෙලා බැලුවේ එයා කවදාවත් ලේසියකට ජන්ග්කුක් එක්ක කතා කරන්නේ නැති හන්දා. ජන්ග්කුක් හිතේ බයකින් සූබින්ට කතා කරත් සූබින්ගේ කටින් පිට උන දේ හන්දා ජන්ග්කුක්ට උඩ පැනලා නටන්න හිතුනා.
YOU ARE READING
Safe Haven | Tae × Kook | Completed
Fanfiction"ටේයුන්. ඇයි මේ? ඔයා කොහෙද යන්න යන්න හදන්නේ?" "ඔම්මා මට කිය කිය ඉන්න වෙලාවක් නෑ." "ටේයුන්. ඔයා මොකක්ද කරේ කියනවා?" ඔම්මා හයියෙන් කෑ ගහද්දි මම ඉස්සරහා දොර ඇරගෙනම ඔම්මා දිහා හැරිලා බැලුවේ මම ඔම්මට කියන්න ඕනේ මොකක්ද කියලා හිතාගන්න බැරි උන නිසා. ලොකු...