Chapter 14

283 89 4
                                    

ජන්ග්කුක් ට්‍රක් එකට බඩු පටවන අතරේ යුන්ගි පා ජන්ග්කුක්ට උදව් කරේ ජන්ග්කුක් ඒ වෙද්දිත් පරක්කු වෙලා හිටපු හන්දා. ජන්ග්කුක් එයාටත් වඩා උසට බඩු පෙට්ටි ටිකක් පටවගන්න අතරේ යුන්ගි පා ට එකම දේ ආයි ආයි කිව්වා.

"ළමයි දෙන්නටම කන්න ඕනි දේවල් ෆ්‍රිජ් එකේ තියනවා. එයාලා ඉල්ලන දේවල් බලලා දෙන්න පා.'

"සූ කට ඇරලා ඉල්ලුවට සූබින් එහෙම ඉල්ලන්නේ නෑ කියලා දන්නවනේ පා. ඒ හන්දා පොඩ්ඩක් එයාගේ පස්සෙන් ගිහින් එයාට ඕනේ දේවල් බලලා දෙන්න."

"දෙන්නගෙන් එක්කෙනෙක්ට වත් පාලම ලගට යන්න දෙන්න එපා පා."

"මිසිස් හන් කතා කරොත් කියන්න මම සූ ව හෙට ප්‍රැක්ටිස් වලට එක්කන් එන්නම් කියලා."

"අපි රෑ වෙන්නේ නෑ. හය හත වෙද්දි එන්න බලන් යන්නේ. ඒ හන්දා මම රෑට කන්න මොනා හරි හදන්නම්."

ජන්ග්කුක් එයාගේ අතේ තිබ්බ පෙට්ටිය ට්‍රක් එකෙන් තිබ්බට පස්සේ යුන්ගි පා එයාගේ පස්සෙන් එනකොට උස්සගෙන ආව බෑග් එක අතට අරන් ඒකත් පිටිපස්සෙන් තිබ්බා. යුන්ගි පා එයාගේ අතේ දූවිලි ගසලා දාලා ජන්ග්කුක් දිහා බලද්දි ජන්ග්කුක් ට්‍රක් එකේ දොර වහලා දැම්මා.

"අද හවසට වහි වගේ."

"මම වෙද' රිපෝට් එක බැලුවා පා. එයාලා කියන්නේ අද වහින්න පුලුවන් සම්බාවිතාවේ සීයට පහයි කියලා."

"ඒවා බොරු."

"පා. එයාලට ඒවට හොද ඉන්ස්ටෘමන්ට් තියනවා. ඒවා වරදින්නේ නෑ."

"ජන්ග්කුක්. ආතරයිටිස් තියන මනුස්සයෙක්ගේ කකුල් තද ගතියක් දැනෙන්නේ වහින දවස් වලට. මට ඔය කාලගුණ වාර්තා වලට වඩා මගේ කකුල විශ්වාසයි."

"මට ඔයාගේ කකුලට වඩා කාලගුණ වාර්තාව විශ්වාසයි පා."

ජන්ග්කුක් කෑ ගැහුවත් යුන්ගි පා ඒකට උත්තර දෙන්නේ නැතුව දොර හයියෙන් වහද්දි ජන්ග්කුක්ට තේරුනා එයාගේ ජගියාගෙ අප්පා යුන්ගි පා ද කියලා එයාට ප්‍රශ්නයක් තිබ්බත් , සූබින් අනිවාර්යෙන්ම යුන්ගි පාගේ මුනුපුරා කියලා.

ජන්ග්කුක් ට්‍රක් එකත් ස්ටාර්ට් කරගෙන තේවූගේ ගෙදර පැත්තට යනකොට එයා දැක්කා තේවූ මගක් දුරට ඇවිල්ලා ඉන්නවා. තේවූ වාහනේට නැග්ගට පස්සේ ජන්ග්කුක් යන්නේ නැතුව තේවූ දිහා ටික වෙලාවක් බලන් ඉන්නකොට තේවූ ජන්ග්කුක්ගෙන් ඇස් අරගෙන බිම බැලුවේ එයාට ජන්ග්කුක් දිහා කෙලින් බලන්න ලැජ්ජ උන නිසා.

Safe Haven  |  Tae × Kook  |  Completed Where stories live. Discover now