🌟Chapter 03🌟

395 77 3
                                    

   මන් හිතන්නේ ඔයා තමා මගේ වාසනාවේ තරුව..


_____________________________________

Jungkook :" කෝ එනවකෝ ම්ම්ම්..සසයි.."

ජන්ග්කුක්  කටේ කෑම පුරෝගෙන කියවන අතර  ටේහියුන්ග්නුත් ලාවට හිනාවක් දාලා  ඇදේ ජන්ග්කුක්  ගාවින්ම ඉදගත්තේ පීසා කෑල්ලක් කන ගමන්..

දෙන්නම  කිසි කතාවක් නැතුව මුලින්ම කාලා හිටියේ තිබ්බ බඩගින්නට.. කාලා ඔක්කොම කරලා ජන්ග්කුක්  තව මල්ලක් ටේහියුන්ග්ට දික් කලේ ටේහියුන්ග් මේ මොකක්ද කියලා ජන්ග්කුක්ගෙන් අහන ගමන්..

Jungkook :" අනේ හියුන්ග් කොන්ද රිදෙනවා අප්පගෙන් ගුටි කාලා . ඒ මදිවට  තොලත් පැලිලා.. මේ .."

ජන්ග්කුක්  පොඩි එකෙක් වගේ ටේහියුන්ග්ට කියද්දි ටේහියුන්ග් ජන්ග්කුක්  දිහා බලන් හිටියේ දුකයි ආදරෙයි දෙකම පිරුනු හැගීමකින්..

Jungkook :"මොකො ඔහොම බලන් ඉන්නේ..ඕකේ බාම් එකක් ඇති..ගාන්නකො.. මේ බලන්න බඩටත් වැදුනා.රතු වෙලා."

කොල්ලා නැවතත් ශර්ට් එකත් උස්සලා  ටේහියුන්ග්ට පෙන්නද්දි ටේහියුන්ග් කලෙ ජන්ග්කුක්ගෙ අතේ තිබ්බ  මල්ල අරගෙන ඒකෙන් බාම් එකක් අරන් කොල්ලගෙ ඉදිමිච්ච තැන් වල  බාම් ගාන්න ගත්ත එක..

Jungkook :" ඌ..රිදෙනවා හියුන්ග් ..අනෙ හිමින්..හිමින්..ස්ස්.ස් "

.

.

Taehyung :" කෝ තුවාල වෙලා තියෙන්නේ කොහෙද ?"

Jungkook :"ඔක්කොටම කලින් තොලට මොකක් හරි කරන්නකො හියුන්ග් ..හෙට යුනි යන්න වෙන්නැ නැත්නම්..ගෙදර ඉන්නත් බැහ්.."

Taehyung : " කෝ බලන්න.."

Jungkook :"  ස්ස් ආව් ඕයි රිදෙනවා.."

Taehyung :" හරි හරි ඔහොම ඉන්නවා මේ ක්‍රීම් එක ගානකම් චුට්ටක්.."

Taehyung :" හරි ."

Jungkook : " කුමාවෝ හියුන්ග් .මේඩ් කෙනෙක් වත් ආවේ නෑ හියුන්ග්  ඒකයි ඔයාව හොයාගෙන ආවේ .අප්පා එපා කියන්න ඇති."

Just Like The Stars🌟JJK [ Completed ] Where stories live. Discover now