👵 :" මොකෝ දරුවෝ ඔය කෑම එක අතගාන්නේ "
එවුන්හි දැන් ගොඩ වෙලාවක ඉදන් කෑම එක කන්නේ නැතුව අත ගගා ඉන්න හැටි බලන් ඉන්න බැරිම තැන හැල්මොනි එහෙම ඇහුවා.
Eunhee :" ආ හැල්මොනි කාලත් ඉවරද ? "
👵 :" මම කාලා කොයි වෙලේද දැන් ? මන් මේ බලන් හිටියේ ඔය ලමයා කන හැටි දිහා බලාගෙන.."
Eunhee : " ආ මාත් කාලා ඉවරයි හැල්මොනි..ඇති.."
👵 :" අනේ දරුවෝ ඔයා එක කෑම කටක්වත් කෑවේ නෑනෙ.."
Eunhee :" පිරියක් නෑ හැල්මොනි.. "
👵 :" ජන්ග්කුක් ගැනද හිතන්නේ පුතේ ? එයා හොදින් ඇති.. ඔයා බය වෙන්න එපා කුකී ඔයාට නිදහසක් ලැබුනු ගමන් කතා කරයි.."
එවුන්හි කලේ හිනා වෙලා ඔලුව වනපු එක විතරයි.
👵 :" කො කන්න දුවේ දැන් .බලන්න ඔයාගේ මුණත් සුදු මැලි වෙලා ගිහින්."
Eunhee :" අනේ ඇති හැල්මොනි කන්න නම් බෑ "
ඒත් එක්කම එවුන්හිගේ ෆෝන් එක රින්ග් වුනේ එවුන්හිගේ මූනට හිනාවක් එද්දි...ඒත් ඒ හිනාව නැතිවෙලා ගියේ කෝල් එක ජන්ග්කුක් ගෙන් නෙමෙයි ගායොන්ගෙන් කියලා දකිද්දි..
👵 :" ආන්සර් කරලා බලන්න දරුවෝ ඕක දිහා බලන් ඉන්නේ නැතුව.."
හැල්මොනිගේ කතාවට මේ ලෝකෙට ආපු එවුන්හි කෝල් එක ආන්සර් කලා..
Eunhee :" යොබුසේයෝ ගායොන් "
Gayon :" එවුන්හි සර් කියන්න කිව්වා අද එන්න වෙන්නෙ නැහැ කියන්න කියලා.."
Eunhee :" කමක් නෑ ගායොන්..ජන්ග්කුක් කාලද රෑට ? දැන් තත්ත්වේ කොහොමද "
Gayon :" නෑ එවුන්හි .. factory එකෙන් භාගෙට භාගයක් ඉවරෙටම ඉවරයි.. හෙට දෙන්න තිබ්බ රජයේ ඔර්ඩර් එක විතරක් නෙමෙයි කැනඩාවෙනුයි , ඩෙන්මාර්ක් වලිනුයි තිබ්බ ලොකු order දෙකක් එහෙම්පිටින්ම cancel උනා... රජයේ එක නම් අපේ බූසාන් factory එකෙන් ප්‍රඩක්ට් කරන්න පුලුවන්..ඒත් කැනඩා , ඩෙන්මාර්ක් ඒවා කරන්න තරම් ටයිම් එකක් කොහෙත්ම නැ.. ජන්ග්කුක් සර් මේ දැනුයි ගියේ කැනේඩියන් කම්පැනි එකේ නියෝජිතයෙක් එක්ක මීටීන් එකකට. ඉස්සරහට මේ රටවල් එක්ක වෙන්න තිබ්බ බිස්නස් ටිකවත් බේරගන්න .එකයි මේ වෙලාවේ වැදගත්ම.."
YOU ARE READING
Just Like The Stars🌟JJK [ Completed ]
Fanfic🌟 It is written in the stars 🌟* Started date : 2022.07.14 Ended date : 2023.07.03