🌟Chapter 05🌟

427 74 13
                                    


මගෙ අහස ලස්සන වෙන්නේ
ඔයා හැමදාම බැබලුවොත් විතරයි .

____________________________________________


Mr jeon :" කෙටි දැනුම්දීමකින් බෝඩ් මීටීන් එකට සහභාගි වීම ගැන හැමෝටම ස්තූතිවන්ත වෙනවා. හදිස්සියෙම බෝඩ් මීටීන් එකක් ගන්න මන් ලෑස්ති උනේ දෙයක් director board එකේ හැමෝටම දන්වන්න. මේ ඉන්නේ මගේ පොඩි  පුතා ජියෝන් ජන්ග්කුක් ."

ඒත් එක්කම ජන්ග්කුක් වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා ආචාර කරන්න ගත්තා.

Mr jeon :" මන් මගේ ලොකු පුතාව අපේ කම්පැනියට ජොයින් කලේ මීට අවුරුද්දකට කලින් .. එතකොට මගෙ පොඩි පුතා ජියෝන් ජන්ග්කුක් තව ටික දවසකින් graduate වෙනවා.. ඉතින් තව ටික දවසකින් එයාට මේක අතට ගන්න වෙනවා. ඉතින්   මට එයාට මේකේ හරියටම කිව්වොත් මේ වැඩ ඉගෙන ගන්න ඕනේ නිසා එයත් අද ඉදන් කම්පැනි එකට එනවා..ඩිරෙක්ටර් බෝඩ් එකේ කාටවත් මේක සම්බන්දව ප්‍රශ්නයක් නැහැනෙ..තියෙනවනම් මන් වෙලාව දෙන්නම් ඕගොල්ලෝ කියන්න."

👨 :" කිසි ප්‍රශ්නයක් නැ මිස්ටර් ජියෝන්.. අනික මේකේ මිස්ටර් ජියෝන්ට පස්සේ ceo  මිස්ටර් ජියෝන්ගේ පුතා..ඉතින් අපේ අනාගත ceo මේකට නෑවිත් කොහොමද ? "

Mr jeon :" ඕගොල්ලො හැමෝටම ස්තූතියි ඒ සම්බන්දයෙන්..ජන්ග්කුක් ? "

වාඩි වෙලා හිටපු ජන්ග්කුක්  ඒත් එක්කම නැගිට්ටේ හැමෝටම ආචාර කරන ගමන්..

Jungkook :"  ඉතින් හැමෝටම මුලින්ම ස්තූතියි කෙටි දැනුම් දීමකින් මෙතනට රැස් විම ගැන.  මන් මේ කම්පැනි එක භාරගන්න පුහුනු වෙන මේ කෙටි කාලය තුල ඔගොල්ලන්ගේ සහයෝගය මන් බලාපොරොත්තු  වෙනවා..සහ මන් විශ්වාස කරනවා අපි හැමෝටම සුහදව ඩිරෙක්ටර් බෝඩ් එකකට  වඩා එහාට ගිය ශක්තිමත් බැදීමකින් කම්පැනියක් වශයෙන් ඉස්සරහට යන්න පුලුවන් වෙයි කියලා.ස්තූතියි.."

බෝඩ් මීටීන් එකේ හිටපු හැම ඩිරෙක්ටර් කෙනෙක්ම  ක්ලැප් කරන්න ගත්තේ ජන්ග්කුක්  වාඩි වෙනවත් එක්කමයි.. මිස්ටර් ජියෝන් වගේම ටේහියුන්ග්නුත් ජන්ග්කුක්ගෙන් මෙච්චර වැදගත් හැසිරීමක් බලාපොරොත්තු වෙන එක අමාරුයි කියලා හිතුවට කොල්ලාගෙ කතාව එක්ක මිස්ටර් ජියෝන්ගේ මුහුනේ ඇදුනේ ආඩම්බරයක්..ටේහියුන්ග් උනත් තමන්ගේ මුනට ගත්තෙ ආඩම්බර හිනාවක්..

Just Like The Stars🌟JJK [ Completed ] Where stories live. Discover now