hwajin :" අනේ මැඩම් ඔයා කොහෙද ගියේ ?"
එවුන්හි මාන්ෂන් එක ඇතුලට එනකොටම හ්වාජින් දුවගෙන ඇවිත් එහෙම ඇහුවේ කලබලෙන්..
Eunhee :" ආහ් මිස් හ්වාජින් මන් යාලුවෙක් හම්බවෙන්න ටිකක් එලියට ගියා.."
ඒත් එක්කම මාන්ෂන් එක ඇතුලින් ඇහුනේ මිසිස් ජියෝන්ගේ කටහඩ.
Mrs jeon :" යාලුවෝ හම්බවෙන්න කියලා කොහෙ යනවද කියලා කවුද දන්නේ ඉතිම්..කිසිම හැදියාවක් නැතිකම තියෙන.ඕහ් මට අමතක උනා ඔම්මෙක් අප්පෙක් ඉන්න එපැ හැදියාව කියලා දෙන්නත් ඉතිම්..."
එවුන්හි වචනයක්වත් නොකියා රූම් එකට යන්න පඩිපෙල නගිනවත් එක්කම හ්වාජින් ආයෙත් ඇවිත් ,
Hwajin :" මැඩම් ජන්ග්කුක් සර් ඔයාව හොයාගෙන ගියා . සර් හිටියේ ගොඩ කලබල වෙලා.. මැඩම්ම සර්ට කෝල් එක්ක දීලා කිව්වනම් හරි මැඩම් ගෙදර ආවා කියලා.." ,
Eunhee :" මට මහන්සියි මිස් හ්වාජින් ඔයාට ඕනෙ නම් කෝල් එකක් දීලා කියන්න.."
Hwajin :" අ..ආහ් හරි මැඩම්.."
රූම් එකට ඇවිත් හොද වොශ් එකක් දාගත්තු එවුන්හි නින්දට වැටුනෙ අද දවසේ කෙල්ලට දැනුනු තෙහෙට්ටුව නිසාමයි..
ඒත් කෙල්ලට වැඩි වෙලා නිදාගන්න ලැබුනේ නැත්තෙ කෙල්ලගෙ ඇගට වැටුනු වතුර එක නිසා .. කෙල්ල එකපාරටම ඇස් අරින කොට කෙල්ල දැක්කේ තමන් දිහා බලාගෙන ඉන්න ජන්ග්කුක්ව..
Eunhee :" පිස්සුද ජන්ග්කුක් ඔයා-- අහ් .."
එවුන්හි ජන්ග්කුක්ට බනින්න කට ඇරියත් ජන්ග්කුක් කෙල්ලගෙ කට දෙපැත්තෙන් ඇල්ලුවේ කෙල්ල වේදනාවෙන් ජන්ග්කුක්ගෙ අත අහකට තල්ලු කරද්දි...
Jungkook :" පිස්සුද ?මගෙන්ද අහන්නේ!! තමුසේ කොහෙද ගියේ එවුන්හි.. ? මම තමුසෙට කෝල්ස් කීයක් ගත්තද ? ආ ? තමුසේ හිතා මතාම මගේ කෝල්ස් කට් කලා..ඒ මදිවට ෆෝන් එක ඕෆ් කලා. තමුසේ සෙල්ලම් කරනවද මාත් එක්ක.!! මන් කොච්චර බය උනාද ? ජිමින්ව හම්බෙලා තමුසේ කොහෙද ගියේ ? මේ මහ රෑ මොනාහරි උනානම්..! "
ජන්ග්කුක් එවුන්හිට බැනගෙන බැනගෙන ගියේ එවුන්හි ජන්ග්කුක්ව කෙයා කරන්නේ නැතුව ජන්ග්කුක්ට පිටු පාලා නිදාගද්දි...එවුන්හිගේ මේ හැසිරිමෙන් උනේ ජන්ග්කුක්ගෙ කේන්තිය තවත් වැඩි වුනු එක..
YOU ARE READING
Just Like The Stars🌟JJK [ Completed ]
Fanfiction🌟 It is written in the stars 🌟* Started date : 2022.07.14 Ended date : 2023.07.03