Mrs jeon : "මන් කියපු වැඩේ ඒ විදිහටම කලාද ? "
Hwajin :" ත.තාම බැරි වුනා මැඩම්.."
Mrs jeon :" මොකක් ? තාම ? තමුසේ වෙන්න ඕන හැමදේම වෙනකන්ද ඉන්නේ ?"
Hwajin :" න්..නැ අනේ මැඩම් එවුන්හි මැඩම් කෑම ගත්තේ නැහැ මේ දවස් ටිකේම ගෙදරින්..උදේට ජන්ග්කුක් සර්ටයි එයාටයි ටී එක හදාගන්නෙත් එවුන්හි මැඩම්මයි. මට ඒක කරන්න දෙන්නෙත් නැ .."
Mrs jeon :" ආහ් මේ කෙල්ල එක්ක මෙච්චර අමාරු ඇයි ? ඒත් හ්වාජින් තමුන් මේ දේ කොහොම හරි කරන්න ඕනි. තේරුනාද ?"
Hwajin :" ඔව් මැඩම් තේරුනා..ඒත් මේ දේ හරිද මැඩම් ? මොනා උනත් සර්ගේයි මේරි නෝනගෙයි එක---"
Mrs jeon :" ආර්ග්..මේරි මේරි මේරි .!!! ඒ ගෑනි මැරිලා ... දැන්වත් ඔය ගෑනිගේ නම කියන එක නතර කරන්නවා හ්වාජින්..තමුනුත් එකයි තමුන්ගේ මහ ලොකු සර්ත් එකයි..තමුන්ව මුල් කාලෙම අයින් කරලා දාන්නයි තිබ්බේ.."
Hwajin :" අනේ මැඩම් එහෙම කියන්න එපා මැඩම්..මැඩම් කියන ඕන දෙයක් මන් කරනවනේ...අනේ මැඩම් මේ සැලරි එකෙන් මැඩම් මගෙ ලමයින් පවා කන්නෙ බොන්නෙ..අනේ එහෙම කරන්න එපා මැඩම්.."
හ්වාජින් මිසිස් ජියෝන් ඉස්සරහ බැගෑපත් උනේ තමන්ගේ රස්සාව වෙනුවෙන්..ඒත් එක්කම සමච්චල් විදිහට හිනා වුනු මිසිස් ජියෝන්.,
Mrs jeon :" එහෙනම් මන් කිව්ව දේ ඒ විදිහටම කරනවා.."
.
.
.
Taehyung :" මාව බේරගනිම් මල්ලි උබ කියන ඕනම දෙයක් කරනවා.. සම්තයි.."
Jungkook :" ඕනම දෙයක් කරනවද හියුන්ග් ?"
ජන්ග්කුක් කටකොනේ හිනාවක් අරන් ටේහියුන්ගෙන් ඇහුවේ ටේහියුන්ග් ජන්ග්කුක්ට තිරිසනා කියන්න වගේ බැල්මක් දෙන කොට...
Taehyung :" කරන්නම් රත්තරන්..මන් ඔයාට කොච්චර ආදරෙයි--"
Jungkook :" ඇති ඇති බොරුවට මෙතන වැලලෙනවා.."
Taehyung :" තිලිසන් හා දතා "
Jungkook :" ඔයා මොකක් හරි කිව්වද හියුන්ග් ..මට හරියට ඒක ඇහුනේ නැහැ.මොකක්ද මොකක්ද ඒ කිව්වෙ ?"
YOU ARE READING
Just Like The Stars🌟JJK [ Completed ]
Fanfiction🌟 It is written in the stars 🌟* Started date : 2022.07.14 Ended date : 2023.07.03