"අහ්...පියරු බබා...නැගිට්ටද.."
මගේ කන ලඟින් ඇහුණු ගැඹුරු කටහඬ එක්ක මම ඔලුව උස්සලා බැලුවා..එයා ඇහැරලා මගේ දිහා බලන් ඉන්නවා..මන් ඉන්නෙත් එයාගෙ අත උඩ කියලා දැනුන ගමන් මන් දඩිබිඩි ගාලා නැගිට්ටා...
"අපරාදේ මගේ ඇඳ දුන්නෙ..ගුරෝ මේ අදනම් ඔයා වෙන ගෙයක් හොයා ගන්න.ආපු දවසෙම පුදුම වදයක් දෙන්නෙ."
මම මුකුත් නොකියා මූනකට සෝදන්න කුස්සියෙන් එලියට ගියා..ඌත් එක්ක කතා කරලා දිනන්න බෑනේ.
"සුදු මහත්තයා..සුබ උදෑසනක්."
"සුබ උදෑසනක්.ආත්තම්මා උදේම කොහෙද යන්නෙ."
"මන් යුනාන් නගරෙට යනවා..මේක මගේ රස්සාවනේ මහත්තයෝ."
අත්තම්මා මට එලවලු කූඩයක් පෙන්නුවා..එතකොට අත්තම්මා එලවලු විකුනලද ජීවත් වෙන්නෙ.මට අත්තම්මා දැකපු ගමන් දුක හිතුනා..
මගේ අම්මා ගෙදරට වෙලා සැප විදින හැටියි අත්තම්මා වයසවත් නොබලා කරන වැඩ කන්දරාවයි දැක්කම මට පුදුම හිතුනා.."තාරූ....
"මේ එනවා ආත්තම්මේ."
ඇතුලේ ඉදන් දුවගෙන ආපු තාරූ මාවත් පහුකරගෙන ගිහින් ගෙයි පිටුපස බිත්තියට හේත්තු කරලා තිබුන කුඩා අත් පොරවක් අරගෙන දර පලන්න පටන් ගත්තා..
මට යාන්තම් අවුරුදු 25 හ සම්පූර්ණ වුනා විතරයි..ඒත් මම කවදාවත් දර පලලා තිබුනේ නෑ..මටත් වඩා උස තාරූට තිබුනෙ හැඩි දැඩි ඇඟක්..එයා කියන කතාව ඇත්ත එයා එක්ක බැලුවම මම සීනීබෝල කොල්ලෙක් තමයි.
රෑ නිසා තාරූව ඊයේ හරියට පෙනුනේ නැති වුනත් අද මට එයාව හොඳට පෙනුනා..
ඇහි බැම ගාවට එනකම් ඉස්සරහට වැවුනු කොන්ඩෙත්,බෙල්ල ගාවට එනකම් වැවිලා තිබුන කොන්ඩෙත් තාරූට ලස්සන පෙනුමක් ගෙනවා..
නලලට දාන දහඩිය පිට අල්ලගෙන් පිහදාන ගමන් ඒ කොල්ලා මගේ දිහාට ඇයි අහන්න වගේ ප්‍රශ්නාර්ථ බැල්මක් දැන්මා..ඒ ඇස් ජිල් බෝල වගේ ලොකුයි.හැබැයි ලස්සනයි..මන් ඒ ඇස් දිහා බලාගෙන හිටියේ වශී වෙලා වගේ..
දර පලන්න අත උස්සන වාරයක් ගානේ උඩට ඉලිප්පෙන නහර,මස් ගොබ,උගුරු ඇටය තාලෙට ඉහල පහල යන හැටි මම බලාගෙන හිටියා..ඇත්තටම අවුරුදු 19 කට වඩා තාරූ මටත් වඩා ලොකු මනුස්සයෙක් කියලා මට හිතුනා..
YOU ARE READING
🩸HELP🩸(Jikook ff) *COMPLETE*
Horrorආදරේ කියා පෑවත් බිදෙන හිත්නම් කොතෙකුත් ඇතිද නොකියා කරන මේ ආදරේ ට මොනවා නන් වෙන්න බැයිද සීනිබෝලෙට මන් තරම් වෙන ආදරේ වෙන කෙනෙක් ඉන්නවා ද අසම්මතයක් වී දුක් නොවන්නට ආදරේ මන් සගවගන්නද???❤️🥺