අඬලම හෙම්බත් වෙලා හිටපු මට ශීට් එකේ නින්ද ගිහින් ඇහැරුනේ ෂියැන්ගේ හඬින්..
අපි එතකොට යුනාන් වලට ඇවිල්ලයි හිටියේ.."ෂින්ශෙන්..එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න..මම මෙතනින් සමුගන්නම්"
"හොඳයි ෂියැන්.."
ෂියැන් මට හිසනමා ආචාර කරලා මට කලින්ම කෝච්චියෙන් බැස්සා..
ලොකු හුස්මක් අරගෙන පහත හෙලපු මම...තාරූ සහ මම හිටපු ශීට් එක දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා කෝච්චියෙන් බැස්සා..හවස පහ පහුවෙමින් තිබුනා..යුනාන් වලින් ෂැංහයි බලා පිටත් වෙන කෝච්චිය තිබුනේ තවත් පැය බාගයකින්..ඒ කියන්නෙ හයට..
වතුර බෝතලයක් හා චිප්ස් පැකට් එකක් ගත්තු මම බංකුව උඩට වෙලා ඉඳගෙන කෝච්චිය එනකම් චිප්ස් කන්න ගත්තා..කොහෙද ඉගැන්නුවේ ගල් සියඹලා පොතු එක්ක කන්න ගුරෝ
ෂින්ශෙන්
සීනීබෝලේ කොහෙද දුවන්නෙ වැටෙයි
නගරබද පියරු බබා...
චිප්ස් කන වාරයක් ගානේ තාරූගේ හඬ මගේ කන් දෙකේ දෝංකාර දුන්නේ අපේ මතකයන් ආයේ ආයේ මතක් කරලා..
මගේ හිතු මතේට ආවට අඩුම තරමේ මම ස්කෝලෙට අස්වෙනවා කියලා ලියුමක්වත් දුන්නේ නෑ..ස්ටේශන් එකේ ඉන්නවා කියන්නෙ මට තවත් තාරූව මතක් වෙන එක විතරයි.ඒ නිසා මම කෝච්චිය එනකම් කියලා හිතාගෙන යූනාන් වල ටිකක් ඇවිදින්න හිතුවා..
ඩාලි වලට වඩා ටිකක් සංවර්ධනය වුන යුනාන් නගරය තරමක් විශාල නගරයක් වුනා.
කඩ වීදී,අවන්හල්,මේ වගේ නොයකුත් දේවල් යුනාන් වල තිබුනා..හොඳම දේ තමයි බස් රථ.කුලී රථ තිබුන එක..ඒ නිසා ගමනාගමනය පහසු වුනා.යුනාන් වල වටයක් දාලා ආපහු එන්න ආව මගේ ඉස්සරහින් වේගයෙන් ආපු බයික් එකක් නතර කරේ මගේ මූනේ වදින්න ඔන්න මෙන්න තියලා.
"කොහේ යනවද මනුස්සයෝ..ඇස් දෙක කටේ....
ෂාන්...ඔයා 😳""ඔහ්...බේබී බ්‍රෝ..මොකෝ කොම්පියුස් වෙලා..මාව මීට කලින් දැකලා නෑ වගේ.."
ඒ ආවේ ෂාන්..හෙල්මට් එක ගලවලා කොන්ඩෙ අතින් හදන ගමන් ෂාන් මගෙන් ඇහුවෙ කට පුරා හිනා වෙලා.
YOU ARE READING
🩸HELP🩸(Jikook ff) *COMPLETE*
Horrorආදරේ කියා පෑවත් බිදෙන හිත්නම් කොතෙකුත් ඇතිද නොකියා කරන මේ ආදරේ ට මොනවා නන් වෙන්න බැයිද සීනිබෝලෙට මන් තරම් වෙන ආදරේ වෙන කෙනෙක් ඉන්නවා ද අසම්මතයක් වී දුක් නොවන්නට ආදරේ මන් සගවගන්නද???❤️🥺