🩸Help 16🩸

80 14 2
                                    

"ඉක්මනට නැගිටිනවා මගෙ යකා අවුස්සන්නෙ නැතුව ගුරෝ..දැන් කී පාරක් කතා කරාද"

මම තවමත් පොරොනය ඇතුලට වෙලා හිටපු නිසා මාව හොලව හොලව තාරූ දැන් වරුගානක ඉදන් කෑ ගහනවා.
ඒත් මට හෙල්ලන්නවත් බෑ..
කවුරු හරි මාව අල්ලගෙන වගෙ..
මට මාව දැනෙන්නෙවත් නෑ.
මුනින් අතට හිටපු මාව අනිත් පැත්ත හරවපු ගමන් තාරූ මාව දැකලා ඇද උඩින් නැගිට්ටේ බය වෙලා..
ඒත් ඇයි..?

"නූවා..කතා කරන්නකෝ..ඔහොම ඉන්නෙ ඇයි."

මට ඔයාව ඇහෙනවා තාරූ ඒත් මගේ අත පය ගල් වෙලා හොලවන්නවත් බෑ..

"නූවා මේ බලන්න මගේ දිහා බලන්නකෝ."

මගේ ඇස් ඇරිලා කියලා මට තෙරුනේ එතකොට..මට තාරූව හොඳට පෙනුනත් ඇහිපිල්ලම්ක්වත් මට ගහන්න බැරුව මන් මගේ ඇගත් එක්ක පොර බැද්දා..

"ආශ්..නූවා..විහිලු කරන්න එපා..නැගිටපන්."

ඒ පාර තාරූ මට බනිනවා..ඒත් මම මොනවා කරන්නද මට හිතන්න විතරයි පුලුවන්..
නොසිතූ වෙලාවක මගේ ඇගට පන ඇවිල්ලා මම ඇදේ වාඩි වුනා..
ඒත් ඒ මම නෙමෙයි කියලා මට හොඳටම විස්වාසයි.කවුරු හරි මාව පාලනය කරනවා වගෙ..

🧠නූවා ඕකනම් කරන්න එපා ප්ලීස්..ප්ලීස් කරන්න එපා.

මටත් නොදැනිම මම තාරූගේ තොල් වලට ටික ටික ලන් වෙනකොට මම හිතින් කෑ ගැහුවෙ වෙන්න යන දේ මොක්කද කියලා තේරුන නිසයි..

🧠නවත්තපන් නූවා ඕක..

තාරූගේ තොල් මගේ තොල් වල ගෑවී නොගැවී වගේ යනකොට..

චටාස්....

"ආව්..තාරූ."

"ඉක්මනට ලෑස්ති වෙලා එනවා.."

තාරූ මට බැන බැන එතනින් යන්න යද්දී...

"තාරූ..ඉන්න මම ඒක හිතලා කරන්න හැදුවේ නෑ..අනේ මට සමාවෙන්නකෝ.අයියෝ..ශික් ඇයි මටම මෙහෙම වෙන්න..තාරූ ඔහොම ඉන්ඩෝ."

මම තාරූගේ පස්සෙ කෑ ගහ ගහ දිව්වත් එයා නැවතුනේ නෑ..ඉතින් මමත් ආපහු එයා පස්සෙන් ගියේ නෑ.එලියට ඇවිත් දර පලන තාරූ දිහා මම බුරුස්සුවත් කටේ ගහගෙන ඔහේ බලන් හිටියා..

"ආශ්...මොක්කද මම ඒ කරන්න හැදුවේ තාරූ මන් ගැන මොනවා හිතයිද මන්දා."

🩸HELP🩸(Jikook ff) *COMPLETE*Where stories live. Discover now